IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට

( ටී.කේ.ජී.කපිල )

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් වේ.

මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබුණි.

මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් ඊයේ (05)වැනි දින රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කරගෙන පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.



අදහස් (1)

මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට

Sanaka Friday, 06 September 2024 04:07 PM

යන්නෙ කොකොහෙද කියල බලන්නෙ නැතුව රැල්ලට රට ගිහිල්ල​. ගිය උන් එක ඩොලර් එකක් ගෙනැත් නෑ. ඒත් මේ හරක් දක්කගෙන එන්න වියදම් උනේ නම් මේ දුප්පත් රටේ සල්ලි.

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site