IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයේ -රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරාගන්න කණ්ඩායමක් පිටත්ව යති

(ටී.කේ.ජී.කපිල )

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ   සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා  සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ  සිටින  ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද(27) දින 10 ක සංචාරයකට කටුනායක ගුවන් තොටුපොළෙන්  තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙම  රාජතාන්ත්‍රික මෙහෙයුම සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා  මෙම පිරිස පිටත්ව ගියහ.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර , ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටි අතර මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය .

මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ත්‍රයි නිකායික මහ නාහිමි වරුන්ගේ සහ විපක්ෂ නනායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ , මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී භාර දීමට නියමිතය .

 

 



අදහස් (3)

මියන්මාරයේ -රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරාගන්න කණ්ඩායමක් පිටත්ව යති

DAM Monday, 27 May 2024 08:56 AM

තායි ගිහින් වැඩ කිරිල්ල කෙසේ වෙතත් හිහි ....

:       8       15

Sumudu Monday, 27 May 2024 11:11 AM

තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරමින් රට වෙනුවෙන් තායි යන අපේ විරුවෝ...!

:       3       6

Wv.kumari Monday, 27 May 2024 02:18 PM

ළමුන් බාරගැනීමට... ඔබ සැමට දෙවිපිහිටයි...!

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 494 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site