IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි.

මෙම සේවකයන් කප්පාදුව 2023 වසරෙන් පසුව මයික්‍රෝසොෆ්ට් සමාගම සිදුකළ විශාලතම රැකියා කප්පාදුව වන අතර එය ප්‍රතිශතයක් ලෙස මයික්‍රෝසොෆ්ට් සේවය කරන මුළු සේවකයන්ගෙන් සියයට 3 කි. මෙම රැකියා කප්පාදුව ගෝලීයව සිදුවන බවත් මයික්‍රෝසොෆ්ට් මූලස්ථානයට සම්බන්ධ සේවකයන් 1985 කගේ රැකියා මෙම කප්පාදුව හේතුවෙන් අහිමිවනු ඇති බවත් පැවැසෙයි.

රැකියා අහිමිවන පිරිස අතර සිටින වැඩිමපිරිස මෘදුකාංග ඉංජිනේරුවන් සහ නිෂ්පාදන කළමණාකරුවන් බවද සඳහන් වේ. මෙම රැකියා කප්පාදුවේ ප්‍රධාන අරමුණ වී මයික්‍රොසොෆ්ට් සමාගමේ සිටින කළමණාකරුවන් පිරිස අඩුකිරීම වුවත් සෑම මට්ටමක සේවකයන් මෙම රැකියා කප්පාදුවට හසුවනු ඇති බවද  පැවැසෙයි. සේවකයන් ඉවත්කිරීමේ නිවේදනය ඊයේ (13) එම සමාගම තම සේවකයන් වෙත ලබාදී ඇත.

ආදායම් පුරෝකතන අභිබවා යමින් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම වසරේ පළමු මාස 3 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25.8 දළ ආදායමක් ඉපැයූ අතර ඒ හේතුවෙන් පසුගිය අප්‍රේල් මස අවසානයේදී එම සමාගමේ ආදායම් ඉලක්ක පුරෝකතන ඉහළ දැමීමට ආර්ථික විද්‍යාඥයෝ කටයුතු කළහ.

ලාබලබමින් සිටින මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම රැකියා කප්පාදුව සිදුකරන්නේ බාධාවකින් තොරව කෘතීම බුද්ධිය වෙත අවධානය යොමු කිරීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ සමාගමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් රැකියා කප්පාදුව කරන බවයි.



අදහස් (1)

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි

don Wednesday, 14 May 2025 06:41 PM

තව ඉස්සරහට රොබෝවරු හැම තැනම වැඩ කරයි. මිනිස්සු කන්න බොන්න සල්ලි නැතිව රස්සාවල් නැතිව ගල්වෙලා හිටීවි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site