සංගීත ක්ෂේත්‍රයේ නව්‍ය වූ ගමනක නිරත වන රෑකාන්ත ගුණතිලක නිර්මාණ රුසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ කෙනෙක්. එමෙන්ම සංගීතඥයකු වශයෙන්ද නව ගමනක නිරත වෙමින් දේශීය සංගීත ක්ෂේත්‍රයේ නව නිර්මාණකරණයට ඔහු ලබාදුන් දායකත්වය අපමණය. හදසර අපි හිතුවා රෑකාන්ත ගුණතිලක සමඟ ටිකක් කතා කරන්න.
මේ දවස්වල වැඩකටයුතු මොනාද?
මේ දවස්වල මම Events කිහිපයක් කළා company කිහිපයක. තව Events කිහිපයක් කරන්නත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය එළිමහන් ප්‍රසංග කිහිපයක් භාර අරගෙන තියෙනවා. ජූලි 8 වෙනිදා කසුන් කල්හාර සමඟ කරන එපික් ප්‍රසංගය තියෙනවා.
8 වැනිදා තියෙන ප්‍රසංගය ගැන මතක් කළොත්?
ඔව්. මමයි කසුනුයි මීට කලින් ඔස්ට්‍රේලියාවේදී මෙවැනි ප්‍රසංගයක් කළා. ඒකට ලොකු ප්‍රතිචාර ලැබුණා. ඉතින් සමාජයට නැවුම් අත්දැකීමක් වෙයි කියන විශ්වාසයක් තියෙන ප්‍රසංගයක් නිසා මම කැමති වුණා. නැත්නම් මම මුල් තැන දෙන්නේ අපේ රෑ සඳ රූ ප්‍රසංගයට. මොකද ඒක තමා අපේ පවුලේ ප්‍රසංගය.
දැනට ඔබ රෑ සඳ රූ ප්‍රසංග කීයක් පවත්වලා තියෙනවද?
දැනට 1000ක් විතර කරලා තියෙනවා. 1993 දී තමයි පටන් ගත්තේ. එදා ඉඳන් දිගටම අපි රෑ සඳ රූ ප්‍රසංගය පැවැත්තුවා. නමුත් 2005 අගෝස්තු 21 BMICH එකේ කරපු රෑ සඳ රූ ප්‍රසංගය තමා මුලින්ම පටිගත කිරීමක් කළේ. ඊට කලින් තිබ්බ ප්‍රසංග බලන්න ආපු අය ගීතයක් දෙකක් පටිගත කළා මිස අපි Official පටිගත කිරීමක් කළේ නැහැ. ඊට පසුව 2009 දී ප්‍රසිද්ධ වේදිකාවේ රෑ සඳ රූ ප්‍රසංගය පැවැත්තුවා. දැන් නම් අවුරැදු තුනෙන් තුනට තමා කරන්න බලාපොරොත්තුව. 2015 දී අවසානයට කළේ ආයේ 2018 දී තමා.
මේ වසරේ රෑ සඳ රූ ප්‍රසංගයක් නැද්ද?
ඔව්. අදහසක් තියෙනවා දැවැන්ත විදියට නෙවෙයි මියුසියස් එකේ මේ අගෝස්තු මාසේ 27 වෙනිදට රෑ සඳ රූ ප්‍රසංගයක් පවත්වන්න.
අලුත් ගීත නිර්මාණය වෙනවද මේ කාලේ?
ගීත නිර්මාණය කරලා තියෙනවා. නමුත් පටිගත කරගැනීමේ ප්‍රශ්න තියෙන නිසා තමා ප්‍රමාද.
මොනවද ඒ ප්‍රශ්න?
මට තියෙන කාලයත් එක්ක ගැටලු තියෙනවා. කාලය හොයාගනිද්දී මට ඕන කරන Studio එක නැහැ. ඒ වගේම කාලයයි Studio එකයි දෙකම තියෙද්දී මට ඕන සංගීතඥයකු නැහැ. ඕවා නිසා තමා ප්‍රමාද.
දැන් තාක්ෂණය උපයෝගී කරගෙන computer හරහා ගීත නිර්මාණයට මම එතරම් කැමති නැහැ. මොකද ගීතයක පැවැත්මට එය බලපානවා. මොකද සම්පුර්ණ computer හරහා බිහිවූ ගීත ඇහෙද්දී එපා වෙන ගතියක් තියෙනවා. ගීතයක සජීවී බව ආරක්ෂා වෙන්නේ සංගීතඥයකු වගේම වාදන ශිල්පීන් සහභාගී වුණාම.
වර්තමාන සංගීත කලාව ගැන මොකද හිතෙන්නේ?
බොහෝ දක්ෂ සංගීතඥන් බිහිවෙලා ඉන්නවා. මට හරියටම ඉරක් ඇඳලා කියන්න අමාරැයි. මොකද ඔය ප්‍රශ්නය අහන්න ලේසි වුණාට උත්තර දෙන්න අමාරැයි. මොකද සත්‍ය හැමදේම කියන්න බැහැ. නමුත් මම බොරැ කියන්නෙත් නැහැ. මට මම ගැන විවෘතව කියන්න පුළුවන්. එත් අනිත් අය ගැන කීම කොයි තරම් දුරට ශිෂ්ට සම්පන්නද කියන එක තමා අමාරැ දේ. නමුත් මම මෙහෙම කියන්නම් මට ලස්සන දේ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ගීතත්. කෙනෙක්ට හොඳ ගීත තව කෙනෙක් ඒ ගීතයේම අඩු පාඩු දකින්න පුළුවන්.
නමුත් සමස්තයක් හැටියට අද බිහිවෙන ගීතවල තියෙනවා පුදුම දුකක් කලකිරිමක්. ආදරය කියල එකක් නැහැ ජීවිතය එපා වෙලා. මම ඔන්න වහ බොනවා.... කියලා සින්දුවක් කළත් පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද ඒ තරමටම වචන වලින් අපි අසරණ වෙලා. ඒ වගේමයි ඒවාට යොදන තාලයත් මට හිතා ගන්න බෑ ආදරය මේ තරම් අසරණ වෙලාද කියලා. මොකද එකම දේ සිදු වීම රටට හොඳ නැහැ.
රෑප රචනා කලාව ගැන මතක් කළොත්?
ඇත්තටම කියනවානම් අපේ යුගයේ තමා රෑප රචනා කලාව ආවේ. මුල් කාලේ ගායිකාවක් විදියට මට වඩා ජනප්‍රිය වෙලා හිටියේ චන්ද්‍රලේඛා. මම ඒ කාලේ සංගීතඥයකු සහ වාදකයෙකු විදියට තමා වැඩිපුර කටයුතු කළේ. ඉතින් මම 1983 දී මට මුළු ලොවම ඔබයි කියලා ගයනා කළාට පස්සේ ගීතය ජනප්‍රිය වුණාට කවුද කියන්නේ කියලා හරියට දැනගෙන හිටියේ නැහැ. මට මතකයි ඒ කාලේ රෑකාන්ත ජයතිලක. රෑකාන්ත පෙරේරා කියලත් ගීතය වාදනය වෙන අවස්ථාවලදී කියනවා මට ඇහිලා තියෙනවා.
ඉතින් මම ඊට පස්සේම ස්විට්සර්ලන්තේ ඉඳලා ඇවිත් ඒ ගීතයට රෑප රචනාව කළේ 1987 දී. ඊට පස්සේ ඒ ගීතය ප්‍රචාරය වුණා, ජාතික රෑපවාහිනියේ හඳ බැඳි ගී කියන වැඩසටහනේ. එතකොට තමා හරියට දැනගත්තේ මේ කවුද කියලා. ඊට පස්සේ මම 1988 දී බඹර පහස ගීතය කළා. ඉතාම ජනප්‍රිය වුණා. ඒ කාලේ තමා මම මගේ මුල්ම කැසට් පටය කළෙත්. ඉතින් රෑප රචනාවක් තිබීම අවංකවම හොඳ දෙයක්. නමුත් රෑප රචනාවක් කළා කියලා ගීත ජනප්‍රිය කරන්න බැහැ. ගීතයට හානියක් නොවන ආකාරයට රෑප රචනාවක් කිරීමේ වගකීමත් තියෙනවා නැත්නම් වෙන්නේ ගීතයට හානියක්.
අලුත් ගීත එකතුවක් කරන්න අදහසක් නැද්ද?
දැනට ගීත තුනක කටයුතු අවසන් වෙමින් තියෙනවා. කොහොමත් අලුත් ගීත එකතුවක් මේ අවුරැද්දේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් එලිමහන් ප්‍රසංගවල ප්‍රමාණය වැඩිවීමක් තියෙනවාද?
ප්‍රසංග නම් තියෙනවා. ඒක නම් සුබ විදියට මම දකිනවා. නමුත් විවිධ තරාතිරමේ ප්‍රසංග පැවැත්වෙනවා. ඒක වෙන්නේ ප්‍රසංග සඳහා වැය කරන මුදල අනුව තමා. මමත් ලැබෙන ආරාධනා එක්ක කල්පනා කරලා බලලා ප්‍රසංග සඳහා සහභාගි වෙනවා.
දැන් වැඩිපුර තියෙන්නේ IN DOOR SHOW ද? OUT DOOR SHOW ද?
මෙහමයි දැන් කොන්සට් කියන concept එක තමා ගොඩක් කරන්නේ. මොකද සින්දු අහගෙන ඉන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් OUT DOOR SHOW වලදී ලැබෙන්නේ වෙනස්ම අත්දැකීමක්. තමන්ට එන හැඟීම් කෑ ගහලා වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. IN DOOR SHOW වල එහෙම බැහැ. ඉතින් අත්දැකීම් දෙකක්. මම රෑ සඳ රූ ප්‍රසංගය කරන මුදලක් තියෙනවා. ඒ මුදල ලැබෙනවා නම් මම මේ වෙලාවේදී ඒ ගැනත් හිතලා ප්‍රසංග භාරගන්නවා. මොකද මගේ මුල් තැන අපේ පවුලේ ප්‍රසංගය වන රෑ සඳ රූ ප්‍රසංගයට නිසා. ඒකට හානියක් නොවන විදියට තමා මම වැඩ කරන්නේ.
දැන් ඔබේ දරැවනුත් සංගීත ක්ෂේත්‍රයේ... ඒ ගැන කිව්වොත්?
මම බලාපොරොත්තු වුණ දෙයක් නම් නෙවෙයි. මම දැනගෙන හිටිය මගේ සහ චන්ද්‍රලේඛගේ හැකියාවන් දරැවන්ටත් තියෙනවා කියලා. රයිනිට මුල්ම ගීතය හදලා දුන්නෙත් මම. හැබැයි ගුවන් නියමුවරියක් නොවී දිගටම සංගීත ක්ෂේත්‍රයේ ඉඳීම ගැන නම් මට පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් ආසාව කැමැත්ත තියෙන්නේ සංගීතයට නම් මම ඒකට විරැද්ධ නැහැ. මොකද අසාවෙන් කරන දෙයක් තමා හරියන්නේ. අම්මා තාත්තා ඉන්නෙත් සංගීත ක්ෂේත්‍රයේ නිසා ඒ විශ්වාසයත් ඇයට දැනෙන්න ඇති අනිවාර් යෙන්ම. පොඩි දුව නම් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නෙත් සංගීතය. ඇය නම් කොහොමත් මගේ අඩි පාරේ මට වඩා දුරක් යාවී.
ඇයට තාම ගීතයක් කළේ නෑ නේද?
තාම නැහැ. ඒකත් ඉක්මනටම සිද්ධ වෙයි.
කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?
මුළු රටම නියෝජනය කරන්න ලැබීමක් විදියට මම දකින්නේ. මම හිතන්නේ මම මේ ලෝකෙට ආවේ ආදරවන්තයෙක් විදියට. ඒවගේම මම පොඩි කාලේ ඉදන්ම ආදරය උපරිම විදියට ලැබුණ කෙනෙක්. ඒ නිසා මම ගොඩක් ගායනා කළේ ආදර ගීත. ඉදිරියටත් එහෙමයි. මම වයසට ගියත් හැමදාම ගායනා කරන්නේ ආදර ගීත.
මට ටිකක් කෙන්ති යනවා. මොකද මම මනුස්සයෙක් නිසා අමනුස්සයෙක් නම් එහෙම වෙන්නේ නෑනේ. ආදරයට ආදරෙයි. ලොකු සතුටකින් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. වෛරය තරහව කියන දේ මගේ හිතේ නැහැ. හැබැයි හිතට පොඩි දුකක් ඇතිවන අවස්ථා නැතුවාම නෙවෙයි.
අනාගත බලාපොරොත්තු?
පුළුවන් තරම් හොඳින් ජීවත් වීම තමා මම මගේ දරැවන්ටත් හැමදාම කියලා දෙන්නේ. කාටවත් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න කියලා. ඒ වගේම මේ දේත් කියන්නම ඕන. මම අනාගතය ගැන විශ්වාස කරන අනාගතය දකින ඒ ගැන අදහසක් තියෙන කෙනෙක්. අපි මේ ලෝකේ ජීවත්වෙලා ඉන්නේ කෙටි කාලයයි. අනාගතය ගත්තම අපිට ගොඩක් කල් තියෙනවා. මොකද මම කියන කෙනා නැති වුණත් මගේ ආත්මය ගොඩක් කල් ජීවත් වෙනවා. මම ඉතින් අන්න ඒ ආත්මීය කියන අනාගතය ගැන හිතලා ඒ සඳහා සුදානම් වෙන කෙනෙක් වගේම ඒ දේ ගැන අනිත් අයත් දැනුම්වත් කරන කෙනෙක්. මම දකින්නේ එක මගේ යුතුකම විදියට. කොයි තරම් ධනස්කන්දයක් ඉපයුවත් ගෙවල් දොරවල් යාන වාහන ඇතුව ජීවත් වුණත් ඒ හැම දෙයක්ම දාලා තමා අපි යන්නේ. ඒත් ආත්මීය බැඳීමෙන් අපි ඈත් වෙන්නේ නැහැ. ඒ නිසා පසුගිය කාලයේ මම දැක්කා මනුස්සකම නැති වෙලා හැමදේම සල්ලි මත සිදුවෙනවා. නමුත් ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි. මම කැමතියි ආයෙත් මනුස්සකම පිරි සමාජයක් දකින්න.
අනූෂා රණසිංහ
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මම මේ ලෝකෙට ආවේ ආදරවන්තයෙක් විදියට