IMG-LOGO

මම පළමු තැන දෙන්නේ මගේ රැකියාවට

2016-09-27-ent-53

මීට වසර දෙකකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට එක්වූ මේධානි පල්ලියගුරු අද "සාරවිට" තරු කතාබහට එක් කරගත්තෙමු. විනෝදංශයක් ලෙස නිරූපණ කටයුතුවලට සම්බන්ධ වී සිටින ඇය වෘත්තියෙන් සංවර්ධන නිලධාරිනියක් ලෙස කටයුතු කරන්නීය.

 

නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ?

2016-09-27-ent-54මීට අවුරුදු දෙකකට පෙර. විනෝදාංශයක් විදිහට තමයි මම නිරූපණ කටයුතු කරන්නේ. ගොඩක්ම ෆොටෝ ෂූට්වලට තමයි දායක වෙන්නේ.

 

රැකියාවත් එක්ක නිරූපණ කටයුතුවලට වෙලාවක් තියෙනවාද?

දැනට මම රජයේ රැකියාවක් කරනවා. සංවර්ධන නිලධාරිනියක් විදිහට. රැකියාවත් එක්ක නිරූපණ වැඩ කරන එක අමාරු වැඩක්. නමුත්, නිරූපණ කටයුතුවලට ඇති කැමැත්ත නිසාම නිවාඩු දිනවල නිරූපණ කටයුතුවලට වෙලාවක් හදාගන්නවා.

 

නිරූපණ වෘත්තියට කැමතිද?

ඔව්, පුංචි කාලේ ඉඳලම මම කලාවට කැමතියි. ඒ වගේම අලුත් අලුත් විලසිතා කරන්නත් කුඩා කාලේ ඉඳලා මගේ තිබුණේ ලොකු කැමැත්තක්. ඒත්, නිරූපණය පැත්තට යොමු වෙන්න මට බැරි වුණා. නමුත්, මම විවාහ වුණාට පස්සෙ මගේ සැමියාගේ කැමැත්ත ලැබුණා නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න.

 

පාසල් යන කාලේ නර්තනයට ඔබ දක්ෂ කෙනෙක්?

ඔව්, මම පාසල් ගියේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට. පාසල් යන කාලේ මම නර්තන කටයුතුවල නිරත වුණා. කොටින්ම කියනවා නම් මම නර්තනය පැත්තෙන් පාසලේ ජනප්‍රිය වුණා. නමුත්, පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ නර්තන කටයුතු මඟහැරුණා.

 

ඔබ විවාහකයි. එහෙම කෙනෙකුට නිරූපණ ක්ෂේත්‍රය හොඳද?

තමන් හරියට ඉන්න දන්නවා නම් ෆැමිලි එකත් සමබරව රැකගෙන කරන්න පුළුවන් නම් විවාහ කෙනෙකුට වුණත් මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතනවා. මගේ ලොකුම හයිය තමයි මගේ සැමියා. ඔහු මගේ ළඟින්ම ඉඳගෙන උදවු කරනවා. ඔහු වගේ කෙනෙක් මගේ තෝරාගැනීම වෙච්ච එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.

 

නිරූපිකාවන් බොහෝ පිරිසක් අද ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙනවා?

ආරාධනා නම් ලැබුණා. නමුත්, මම කරන රැකියාවත් එක්ක ඒකට වෙලාවක් හොයාගන්න අපහසුයි. ඒ නිසා තමයි මම ෆොටෝ ෂූට් විතරක් තෝර ගෙන කරන්නේ. එකත් මම යම් තෝරා බේරාගැනීමක් කරනවා. මොකද මම විවාහ කෙනෙක්. ඉතින් මට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ තියෙන වැඩ විතරයි මම භාර ගන්නේ.

 

නිරූපිකාවක් විදිහට දිගටම රැඳෙන්නද අදහස?

එහෙම නැහැ. මගේ පාඩුවේ හෙමින් ගමනක් යන්නයි මම කැමතියි. ඉතින් දිගටම නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ රැඳෙයිද නැද්ද කියන්න බැහැ. මම පළමු තැන දෙන්නේ මගේ රැකියාවට. දෙවැනි තැන තමයි නිරූපණ වෘත්තිය.

 

2016-09-27-ent-51
2016-09-27-ent-52



අදහස් (0)

මම පළමු තැන දෙන්නේ මගේ රැකියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site