IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'මම දකින මම'

20160325-ent-15

ලාංකික කලා ක්ෂේත්‍රයේ ප්‍රතිභාපූර්ණ ප්‍රනාන්දුලා අතුරින් රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳාන ද මැසිනොඩ් විදුහලේ අධ්‍යාපනය හමාර වනවාත් සමඟම නාට්‍යකරණයට යොමුවන ගිහාන්ට විදෙස් නාට්‍යවේදීන් රැසකගේ වැඩමුළු හා පුහුණුවීම් කඳවුරුවලට සම්බන්ධ වීමට ලැබීම ඔහුගේ වාසනාවක් අදද පිළිගන්නා කාරණයකි. දූපත් මානසිකත්වයෙන් මිදී රංගනය යනු කුමක්දැයි ප්‍රායෝගිකව හැදෑරූ ඔහු රංගනය පිළිබඳ තවමත් හදාරන, ගවේෂණයක යෙදෙන, කුසලතාපූර්ණ රංගන ශිල්පියෙකි.

20160325-ent-16තම රංගන දිවියේ 25වැනි සැතපුම් කණුව පසු කරන ගිහාන් ඒ නිමිති කොටගෙන පස්-දින නාට්‍ය උළෙලක් මාර්තු මස 30 දින සිට අප්‍රේල් 3 දක්වා රාත්‍රී 7ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පවත්වන්නට කටයුතු යොදා ඇත. දැනට රටපුරා වේදිකා ගතවන ගිහාන් රංගන දායකත්කවය ලබා දෙන ජනප්‍රිය වේදිකා නාට්‍ය 5ක් "මම දකින මම" නාට්‍ය උළෙලට අන්තර්ගත වෙයි. මාර්තු 30 වැනිදා "චරිතෙ හොරු අරං" වේදිකා ගත වන අතර මාර්තු 31 වැනිදා &සිහින හොරු අරං*, අප්‍රේල් 1 වැනිදා "බල්ලොත් එක්ක බහැ" අප්‍රේල් 2 වැනිදා "ඇන්ටිගනී" හා අප්‍රේල් 3 වැනිදා "සාදය මාරයි සල්ලි හමාරයි" නාට්‍ය උළෙලට ඇතුළත් වෙයි.

"මගේ රංගන ජීවිතයේ වසර 25ක් පිරීම නිමිත්තෙන් මේ නාට්‍ය උළෙල පැවැත්වූවත්, එතනින් ඔබ්බට ගිය තවත් අරමුණක් මට තිබෙනවා. අද රූපවාහිනියෙන් ක්‍රමක්‍රමයෙන් දුරස්වී සිටින රසික රසිකාවියන් වේදිකාව වෙත හරවාගැනීම තමයි මගේ මූලික අරමුණ. රූපවාහිනී ටෙලි නාට්‍ය තුළින් මගේ රංගනය අගේ කරන, මට ආදරය කරන රසික රසිකාවියන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නාට්‍ය 5න් එකක් හෝ නරඹා වේදිකාවේ තිබෙන සුවිශේෂී බව, සජීවි බව අත්විඳින්න කියලා. මගේ බලපොරොත්තුව අලුත් ප්‍රේක්ෂකාගාරයක්. ඒ තුළින් සමස්ත නාට්‍ය කර්මාන්තයට සෙතක් සිදුවන බව විශ්වාසයි. නාට්‍ය බලන අලුත් පරපුරක් මේ තුළින් බිහිවෙයි." ගිහාන් කීය.

 

ඔබ මෙම නාට්‍ය උළෙල "මම දකින මම" ලෙස නම් කළේ ඇයි?

මේකෙ අදහස, මම මා පැමිණි මඟ ආපසු හැරී බැලීමක් පමණක්ම නෙවෙයි. වේදිකාව කියන්නෙ සජීවි මාධ්‍යයක්. වේදිකා නාට්‍යයක් තුළින් මට මා දකින්නට හැකි වනවාසේම, ප්‍රේක්ෂකයන්වත් එවන් තලයකට රුගෙන යන්න පුළුවන්. උදාහරණයක් හැටියට "බල්ලොත් එක්ක බෑ" නාට්‍ය අවුරුදු 7ක් තිස්සේ වාර 900කට වඩා වේදිකා ගතවෙලා තියනවා. තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. දේශපාලනය නිසා සමාජයේ සිදුවන විපර්යාසයන්වලට අපේ මිනිස්සුන්ට ඍජුවම ප්‍රතිචාර දක්වන්න බැහැ. ඒත් සජීවී රසවින්දන මාධ්‍යයක් වන වේදිකාවේදී ඒවා සාකච්ඡාවට බඳුන් වෙන කොට ප්‍රේක්ෂකයාට එයට ක්ෂණිකව, සජීවීව ප්‍රතිචාර දැක්විය හැකියි.

 

ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු භූතාවේෂ, යදම්, කස්පා, ඇන්ටිගනී, අධිපතියාගේ මරණය, දෙවැනි මහින්ද, මරණය සහ කන්‍යාවිය, මොණරු සහ අපි, රඟහල හා මැක්බත්, හංසයින්ටත් මං ආදරෙයි වැනි නිර්මාණ හරහා ඔබ රංගනයට අමතරව නිෂ්පාදනය හා වේදිකා පරිපාලනයටත් යොමු වෙනවා, හොඳම නළුවාට හිමි සම්මානයටත් පාත්‍ර වෙනවා. වේදිකාවෙන් ලත් පන්නරය පසුකාලීනව රෑපවාහිනියේ හා සිනමාවේ පෙළහර පෑමට ඉවහල් වුණා නේද?

අනිවාර්යෙන්ම. වේදිකාවෙන් ලද පන්නරය අපේ කලා දිවියට වගේම අපේ සැබෑ ජීවිතයටත් ආදේශ කරන්න පුළුවන්. වේදිකාවේ එක් දර්ශනයක් කියන්නෙ වෙනමම එකක්. රංගන ශිල්පියාට හා ප්‍රේක්ෂකයාට එය නැවත බලන්න බැහැ. නැවත අත්විඳින්න බැහැ. වේදිකාවේ රඟපාන හැම අවස්ථාවක්ම එය අපට අභ්‍යාසයක්. එනිසයි වේදිකාවෙන් බිහිවූ නළු නිළියන් වෙනත් ක්ෂේත්‍රවල තම ප්‍රතිභාවන් ඉතා ඉහළින් ප්‍රකට කරන්නෙ. වේදිකා නාට්‍යයක් ජනතාව ඉදිරියට ගෙන ඒමට පෙර අඩුම තරමින් මාස තුනක්වත් පුහුණු වෙනවා. ඒ කාලය හරියට විශ්ව විද්‍යාලයකින් දැනුම් සම්භාරයක් ලබා ගන්නවා වගේ හරවත්. කතා බස්, අත්හදාබැලීම් වගේ දේවල් තුළින් ඒ පුහුණුවීම් කාලය අපේ දැනුම පෝෂණය කරනවා.

 

රංගන ශිල්පියකුට තිබිය යුතු සුවිශේෂීම ගුණාංගයක් තියෙනවද?

ඔව්. විනය. මගේ වාසනාවට මට විනය මුලින්ම ලැබුණෙ ගෙදරින් හා මා උගත් පාසලෙන්. මොන තරම් දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ ඔහු තුළ විනයක් නැත්නම්. රංගනය කියන්නෙ ලෝකෙ තියෙන වාසනාවන්තම රස්සාව. හැබැයි ඉතිං ඉක්මනින්ම විනාශ වෙන්න පුළුවන් රස්සාවත් මේකම තමයි.

 

අද මේ ක්ෂේත්‍රයේ සිටින නවකයන් තුළ තිබෙන්නෙ ජනප්‍රිය වීමේ අරමුණ මිසක් යමක් හැදෑරීම නෙවෙයි කියලා ඔබ හිතනවද?

බහුතරයක් එහෙම වුණාට, හොඳ දේවල් හොයාගෙන යන, විෂය හදාරන තරුණ පිරිසකුත් මේ ක්ෂේත්‍රයේ තාම ඉන්නවා. එදා අපි වේදිකා රංගනය හරහා චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේ අදහසින් වැඩ කළාට අද බොහෝ දෙනකු තුළ තිබෙන්නෙ රූපවාහිනී ටෙලිනාට්‍ය හරහා මුදල් උපයා ජනප්‍රිය වීමේ අරමුණ විතරයි. මම නම් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දකින්නෙ කලාවක් හෝ කර්මාන්තයක් හැටියට නොව ව්‍යාපාරයක් හැටියටයි. අද ටෙලි කර්මාන්තය වේගවත් වෙලා තියෙන්නෙ හුදෙක් ලාභ වැඩි කරගැනීමේ අරමුණ පසුපස හඹා යන නිසයි. එක දර්ශනයකින් තවත් දර්ශනයක් සඳහා කමිසයක් මාරු කරගන්න පවා අපට අද කාලයක් ලබා ගන්න බැරි තරම් කාර්යබහුල වෙලා. නාට්‍ය උළෙලේ අවසන් දිනයදා එනම් අප්‍රේල් 3 වැනිදා, රාත්‍රී 9 සිට 12 දක්වා නළු නිළියන් සමඟ එකට එක්වී ලයනල් වෙන්ඩ්ට් ශාලාවට යාබද කාන්තා සමිති ශාලාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක සුවිශේෂී අත්දැකීමක් ලබාගැනීමට සීමිත ඉඩකඩක් තිබෙන බවත් ගිහාන් අවධාරණය කළේය.

 

රමේෂ් උවයිස්

 

20160325-ent-14

 



අදහස් (0)

'මම දකින මම'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site