IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න

 

 


”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ
දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ
ඔබගේම මනමාලි වෙනතක් බලා
දුර යන්න සැරසේවි කඳුලක් දරා”

 

එලෙසින් ගීතයෙන් ආමන්ත‍්‍රණය කරන භාග්‍යා රංගනයෙන් මේ දිනවල අපට හමුවන්නේ, සුරවිමන (නිතී) ඉසිරිභවන (සෞන්දර්යා) බාලොලි මල් (රුවන්යා) යන චරිත වෙතිනි. අද අපේ කතා බහ එලෙසින් හමුවන භාග්‍යා සමඟයි.

 

 සංගීතය හැදෑරූ ඔබ රඟපෑම තෝරා ගත්තෙ ඇයි?
උසස් පෙළ විෂයයන් හැදෑරුවෙ සංගීත අංශයෙන්. ඉන් පසුව කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. මේ අතරවාරයේදී මගේ යාළුවකු රූපවාහිනී දැන්වීමකට මට කතා කළා. කුමාරිකා දැන්වීම වූ එය ජනප‍්‍රිය වුණේ ”කැපෙන්නෙත් නෑ - කැපිලා යන්නෙත් නෑ” කියන දෙබස නිසයි. ඉන්පස්සේ දැන්වීම් ගණනාවකට පෙනී සිටියා.

 

 

කේමදාස මාස්ටර් යටතේ සංගීතය හදාරණ විට එතුමා ඔබට මොනවද කිව්වෙ?
ඇත්තටම එතුමා මට කිව්වෙ පොඩි ඉන්දිකා කියලයි. ඉන්දිකා උපමාලි අක්කා වගේම මාස්ටර් යටතේ හිටපු අපි ඔක්කෝම කරන කටයුත්තට ගොඩක් කැප වුණා. ඒ නිසා අපි මහන්සි වෙලා කළ දේවල් මාස්ටර් ඉහළින් අගය කළා.

 

 

 මොනවද කළ දේවල්?
ඔපෙරා ආදි ප‍්‍රසාංගික බොහෝ දේ අපි කළා. මාස්ටර් වියෝවීමෙන් පසුව, එතුමාගේ ”පිරිණිවන් මංගල්‍යය” ඔපෙරාවටත් මම දායක වුණා. දර්ශන රුවන් දිසානායක මහතා කළ කැන්ටාටාවටත් දායක වුනා. නමුත් ඉන්පසුව ඒවා දිගටම කෙරුනේ නැහැ.

 


 අද ඔබ ගායනයෙන් වැඩි යමක් නොකරන්නෙ ඇයි?
ගායනය ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. ඊට ඉතා පුරුදු පුහුණුවීමක් අවශ්‍යයි. අද යූ ටියුබ් මියුසික් ඔස්සේ මුදා හැර ඇති මගේ ”දියමන්ති මාලය” ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.

 

 

 භාග්‍යා අද වැඩිය කැමති ගායනයටද? රඟපෑමටද?
දෙකටම එක වගේ කැමතියි. ඒත් ගායනයට වඩා අද රඟපෑම වෘත්තිය වෙලා. කොහොමටත් ගායනයෙන් හම්බ කරන්න මම කැමතිත් නැහැ.

 

 

 ඔබ එහෙම හිතුවට ගොඩාක් අය කරන්නෙ අනුන්ගෙ ගීත ගයලා හරි හම්බ කිරීමනෙ. ඇයි ඔබ ඊට අකමැති?
සංගීතයේ විවිධ අංශ විවිධ පැතිකඩ තිබෙනවා. මම ඉගෙන ගත්තෙ ශාස්තී‍්‍රය අංශයෙන්. ගැයුම සහ සංගීතය මම දකින්නෙ ආධ්‍යාත්මික දෙයක් හැටියටයි. ඒ නිසා ඊට ඇති ගරුත්වය නිසාම, එය මුදල් මත කරන දෙයක් කර ගන්න කැමති නැහැ.

 

 

 ඔබ කියන්නෙ ගායනය මුදලට කළයුතු දෙයක් නෙවෙයි කියලද?
මම කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අද රඟපෑම වෘත්තිය කරගෙන සිටින නිසා, ගැයුම මම මගේ ආසාව නිසාම කරන දෙයක්. ඒ නිසා රඟපෑමේදී එහි අඩුපාඩුකම් ප‍්‍රවීණයින්ගෙන් දැනගෙන ඉතා හොඳ රංග ශිල්පිනියක ලෙස රටට කීර්තියක් ගෙන දීම අරමුණයි. අනෙක ගායනයේදී මම  තවත් එක් ගායිකාවක් විතරක් වෙන්න කැමති නැහැ. සුදුසු නිර්මාණයක් පමණක් ගායනයෙන් දායක වෙනවා.

 

 

 ජීවිතේ කොහොමද?
හොඳින් ගෙවිලා යනවා. ටිකක් වැඩ වැඩියි. ඒත් මම ඒකට කැමතියි.

 

 

 පේ‍්‍රමය - ආදරය එහෙම දැනෙන්නෙ කොහොමද? ළඟදීම දියමන්ති මාලයක් පළඳින්න  අදහසක් එහෙම නැද්ද?
ආදරයට මම ගොඩක්ම ආදරෙයි.

 

 භාග්‍යා කොහොම කෙනෙක්ද?
හරිම අවංක, සාධාරණව හිතන හරිම විශ්වාසවන්ත කෙනෙක්.

 


 කාටද විශ්වාසවන්ත?
අවංක විශ්වාසවන්ත අයට.

 

 


හැඩගැන්වීම් :  සරත් ලක්‍ෂාන් (මහරගම)

 



අදහස් (0)

මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න

සංජීව Wednesday, 02 October 2013 11:57 AM

මටත් නිකම් මොකක්ද වගේ.......(නදී)

:       0       0

සදුනි Wednesday, 25 September 2013 08:53 PM

ඇයි ඒ ළමයට බැංකුවක් උඩ ඉන්න තහනම්ද? (නදී)

:       0       0

ක්‍රිස්ටෝපර් Sunday, 20 October 2013 01:15 PM

ලස්සනයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 26 September 2013 04:02 PM

කොණ්ඩෙ අවුල් කරගෙන නේද ඉන්න කැමති. (ස)

:       0       0

දුම්මලසූරිය. Friday, 27 September 2013 12:02 AM

කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරු ඔබ දක්ෂ කෙනෙක් බව මමත් විශ්වාස කරනවා.නමුත් ඔබගේ රගපෑම් දකින්න තමයි මම ගොඩක් කැමති.ඔබ සහජ දක්ෂතා ඇති නිලියක් ලෙස මම දකිනවා.ඔබට සුබ පැතුම් නංගී! (නි)

:       0       0

අල්විස් Saturday, 12 October 2013 07:46 AM

ටිකක් විතර මට ප්‍රශ්නයක් වගේ. නිකන්ම සින්දු කියනවද? (නි)

:       0       0

රත්නායක Thursday, 26 September 2013 05:53 PM

මම ඔයාට කැමතියි ඔයාගේ මුරණ්ඩු රගපෑමට.ඒ රගපෑම හරි හුරතල් (නි)

:       0       0

ආසිරි Friday, 08 November 2013 01:45 PM

කව්ද මෙයා (ස)

:       0       0

චාන් Thursday, 26 September 2013 07:24 PM

අත නම් උස්සන්න එපා (නි)

:       0       0

ලාරා Wednesday, 25 September 2013 06:00 PM

බංකුව උඩ ඉඳගෙන මොකද කරන්නේ? (නි)

:       0       0

සිල්වා Wednesday, 25 September 2013 06:14 PM

මමත් තවම තනිකඩයි.යෝජනාවක් අවොත් සළකා බලනවා.මටත් චිත්‍රපටි නාට්‍යය, වෙළද දැන්වීම් වලින් ආරාධනා ලැබුනා. නමුත් මම ඒවා බාරගන්නේ නැහැ වැඩ වැඩි නිසා (නි)

:       0       0

කේ.ආර්. Thursday, 26 September 2013 08:00 PM

මට නිකන් මොකක්ද වගේ ..... (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 10 October 2013 04:50 PM

අනේ ඔයත් සින්දු කියලා සල්ලි ගන්නවනේ. නොමිලේ සින්දු කියන් නෑනේ. ඒකට තමා ගීතය විකුණගෙන කනවා කියන්නේ. ගායිකාවෝ ගායකයෝ, පද රචකයෝ, සංගීතඥයෝ, රිඟින් ටෝන් කාරයෝ හැමෝම කරන්නේ ගීත විකුණගෙන කන එක තමයි.(දිල්)

:       0       0

සචින් Saturday, 09 November 2013 10:50 AM

ඔවු චාන් මෙයට අත නම් උස්සන්න එපා කියන්න . නමුත් මෙයාගේ නියපොතුනම් ලස්සනයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site