IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


'මට VIP පුටු එපා'

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

‘ඇමතිවරු, මන්ත්‍රිවරුන් එනවා කියලා මින් පස්සේ කිසිම රැස්විමකට අනවශ්‍ය වියදමක් කරන්න ඒපා. මගේ සියලුම උත්සව වල වියදම අඩු කරන එක ගැන ආයතන දැනුවත් කරන්න සුදානමින් ඉන්නේ. අපිට වි.අයි.පී.පුටු ගෙන්න ඒපා අනිත් අය වාගේ අපිටත්  ප්ලාස්ටික් පුටුවක ඉදගන්න පුළුවන් අය’ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න මහතා පැවසිය.

ඇමතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය වෙනුවෙන් ආණමඩුව සුදම්පාය ශාලාවේ  සංවිධානය කර තිබු රැස්විමකට  එක්වෙමිනි.

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා ඇතුළු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කර තිබුනී.

එහිදි  වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අපිට මේ ආණමඩුව නුහුරු තැනක් නොවේයි.මේ ගහ කොළ වැව් අතීතයෙ සුන්දර තැනක්.ඒ නිසා ඒ පරිසරයෙ හැදි අපි කොච්චර ඉහල තනතුරු වලට ගියත් අපි හිටපු අතීතය අපිට අමතක කරන්න බැහැ.

ඒ නිසා අපිට ඕනෑම දෙයක්  උත්සව වලට අනවශ්‍ය වියදම් කර ලොකුවට කරලා මුදල් නාස්ති කරන්න මම කැමති නැහැ.මම ඉදිරියෙදී සියලු ආයතන දැනුවත් කරනවා මම සහභාගි වන කිසිම උත්සවයක් සදහා කිසිදු ආකාරයෙ අනවශ්‍ය වියදම් කරන්න ඒපා කියලා.

මෙම සාහිත්‍ය උලේලේදී පුත්තලම දිස්ත්‍රික්කයෙ රේක්ස් හැරිසන්,විලමසේන නම්මුනී.පද්මා කුමාරි ,ප්‍රනාන්දු පුල්ලේ යන මාධ්‍යවේදින් සිව් දෙනෙකු ඇතුළු විවිධ කේෂත්‍ර වල දක්ෂතා දැක්වු 11 දෙනෙකුට කලාදීනි සම්මානය පිරිනැමිම සිදුවිනි.

 

 



අදහස් (10)

'මට VIP පුටු එපා'

Kazi Shajahan Monday, 02 December 2024 01:43 PM

නික්න විකාර ඕන නැහැ ඇමතිතුමා. පොල් ගෙඩිය 200 ගිහිල්ලා, හාල් නැහැ, ගෑස් නැහැ බඩු මිල නැඟලා. ඕවට විසඳුම් හොයන්න ඉක්මනටම. මොකද ඔයාලා කිව්වේ ආපු ගමන්ම අපිට සෑහෙන දේවල් දෙනවා කියලා.

:       156       58

Rajitha JayasingheMonday, 02 December 2024 02:14 PM

අනේ මෙහෙමත් බොරු කියන බූරුවෝ . ආණ්ඩුව ආවත් හරි උද්දමනය ඍන. ඒකියන්නේ බදු මිල ඇතුළු සියලුම දේවල් එන්න එන්න අඩුවෙනවා.

:       110       21

KarunajeewaMonday, 02 December 2024 02:19 PM

හාල්, පොල් හිඟයට හේතුව මේ රජය නොවෙයි. ඔයා පරාදවීමේ දුක වහගන්න මොනවා හරි ලියන්න එපා.

:       24       72

සෙනෙවිරත්න Monday, 02 December 2024 02:26 PM

පොල් සහ සහල්වලට වෙච්ච දේ නොදැන ආණ්ඩුවට දොස් කියන එක වැරදියි. ගෑස් නැත්නම් වෙන කඩයකට යන්න එතන ඇති, ගෑස් හිඟයක් නැහැ. ප්‍රභූවරුන්ට පුටු තියපු උන්ට මේ පෙරළිය දිරවන්නෙ නැහැ. ඒක ජානගත නිවටකම.

:       19       55

senaMonday, 02 December 2024 03:27 PM

සෙනවිරත්න සත්‍ය නොපෙනීම ජානගත නිවටකමට වඩා වහල්බවයි.

:       13       27

GAMA VARESE Monday, 02 December 2024 03:44 PM

බොරු සෝබන වැඩ කරන්න ඵපා.. රටට වැඩකරන්න ඕවා ඔක්කොම මරිසි වැඩ. මිනිස්සු ගොනාට අන්දන්න ඵපා. මේ සමහර කමෙන්ට්ස් වලින් පේනවා සමහරක් හොඳට රෙදි අපුල්ලනවා කියලා...!

:       25       26

kamal Koyrala Monday, 02 December 2024 04:41 PM

ක්‍රමය හොඳයි.. මුදල් ඉතිරි කරනවා නම්... නමුත් එහි ප්‍රගති වාර්තාවත් අවශ්‍යයි. ඉතිරි කාරණා ලද මුදල කොපමණද කියලා..?

:       0       17

රුවන් Monday, 02 December 2024 07:16 PM

තමන් කැමැති පක්ෂය වෙනයි, දැන් ඔක්කෝම එකතු වෙලා රට දියුණු කරමු. අපිට පක්ෂ කන්නද?

:       2       14

chandra Tuesday, 03 December 2024 01:37 AM

පුටු නැතිනම් බිම වාඩි වෙන්න. මේවා නෙමෙයි රැට්ටා ඕන මේ වෙලාවට

:       1       1

Roni Tuesday, 03 December 2024 07:12 AM

සෙනෙවිරත්න රෙදිසෝදන මැෂිම බරටම වැඩ . දැන් කඩේ යන බූරුවෝ කවි ලිය ලියා ඉන්නකෝ . අන්න රුපියල් දෙකකිනුත් අඩුකරලා දැවැන්ත සහනයක් දුන්නා නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site