IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මම ආදරේ රස හොඳට දන්නවා

20160317-ent-95

නිරූපණ ක්ෂේත්‍රය තුල දැකීමට අවස්ථාවක් නොලැබෙන දිනූශා ආදරය පිළිබඳව දරන්නේ මෙවැනි මතකයකි, "ආදරේදී ඕනෑම කෙනෙක් හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.

ඒක ආදරේ හැටි. වැරදි තීරණයක් ගත්තට පස්සේ අපි හිතාගන්නවා ආයෙ නම් ආදරේ කරන්නෙ නැහැ කියලා. ඒත් අන්තිමට ආයෙත් පාරක් ආදරේ හොරෙන්ම ඇවිත් අපිව පිස්සු වට්ටනකල්ම අපි දන්නෙ නෑ. එතකොට අර කලින් දේවල් ඔක්කොම අමතකයි. මම ආදරේ රස හොඳට දන්නවා. ආදරේ වේදනාවත් දන්නවා. ඒ නිසා මම ආදරේ කරන්න කලින් ගොඩක් දුරට හිතනවා. මම ගොඩක් කැමතියි මගේ ගැන හොඳින් හොයලා බලන, මට හිතට දැනෙන්න ආදරේ කරන කෙනෙකුට. මාත් එක්ක හැමදේකටම එකඟ නොවුණට කමක් නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ.

අපි දෙන්නා දෙන්නෙක්නේ . ඒත් මාත් එක්ක යාළුවෙක් වගේ, වැඩිහිටියෙක් වගේ, ආරක්ෂකයෙක් වගේ ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි ආදරේ කරන කෙනා මාත් එක්ක විවෘත මනුස්සයෙක් වෙන්න ඕන. මාව ආදරෙන් බලාගන්න කෙනෙක් වෙන්න ඕන. ගෑනු ළමයි විදියට අපි පිරිමියෙක්ගේ කඩවසම්බ වට ආස කරන්නේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. මමත් එහෙම ආසා වෙලා තියෙනවා. ඒත් අපි පරිණත වෙනකොට ඉගෙන ගන්න පාඩමක් තමයි ඇත්තටම වැදගත් වෙන්නේ බාහිර කඩවසම් බව නෙවෙයි කියන එක. පිරිමියෙක්ගේ පිරිමිකමක්, හොඳ පෞරෂත්වයක් තියෙන්න ඕන කියන එකේ විවාදයක් නැහැ. ඒත් බාහිර පෙනුමට වඩා මම ඉස්සෙල්ලා කියලා තියෙන ගතිගුණ තමයි වැදගත් වෙන්නේ."

 

සටහන - පැතුම් පුංචිහේවා / ඡායාරූප - මාලක වැලිගොඩපොල

go

20160317-ent-92 20160317-ent-93 20160317-ent-94

 

MORE-IMG



අදහස් (0)

මම ආදරේ රස හොඳට දන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site