IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


මමත් කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා

2016-07-10-ent-36

වැටෙන් එහා මල් පඳුරේ, ඩැෆඩිල් මල, ඔබෙ සුසුම් පවන්, පුදසුනක නිසල බව වැනි යුගයක ජනපි‍්‍රයම ගීත රාශියකට කට හඬින් පනදුන් දයාන් විතාරණ මෑතකදී තවත් අලූත් ගීතයක් ගායනා කළේය.

ඒ සඳකිරණ ගලා නම් වන ගීතයයි. ගී ලොවට සඳ කිරණ ගලද්දී, මේ අලූත්ම ගීතයක් ගැන කතාබහ කරන්නට අපි දයාන් විතාරණ මුණ ගැසුනෙමු.

 

මොකක්ද දයාන් මේ සඳ කිරණ ගලා ගීතය?

2016-07-10-ent-38දවසක් සුසන්ත පි‍්‍රයදර්ශන මට කතා කරලා කිව්වා, අලූත් සිංදුවක් තියෙනවා ගායනා කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා අපි ඉස්සෙල්ලා පදමාලාව බලල ඉම්මු කියලා...? මොකද අද කාලේ ලියැවෙන පදමාලාවල කිසිම අලූත් බවක් නැහැ. ඔයා රත්තරනේ වගේ වචනවලින් තමයි සිංදුවට ආදරය එකතු කරන්නෙ. ඒත් මම නම් ඔයා රත්තරනේ කියන වචන දෙක ගායනා කරන්නෙම නැහැ.

අනිත් එක අද තියෙන සිංදු තනිකරම විලාප මාව දාලා යන්න එපා කියලා සිංදුවෙන් අඬනවා.... මේවා සිංදු ද කියලා මට වෙලාවකට හිතෙනවා.

ඒත් බලන්නකො අර රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන් වගේ සිංදු.... රත්තරං කියන වචනෙ කොයිතරම් ලස්සනට ලියලා තියෙනවද කියලා. අද ලියැවෙන සිංදුවල එහෙම වචන භාවිතයක් නැහැ. ඉතිං මටත් බය හිතුනා. මේ අලූත් සිංදුව කොහොම එකක්ද කියලා ඒ නිසාම මං සිංදුව ගෙන්න ගෙන බැලූවා.

 

සඳ කිරණ ගලා

ඝනඳුරට එදා

දුන් සිහිල සදා

මතකයෙහි මෙදා

 

නෙත් කැළුම් විදා

ඉඳි කලද නුරා

මට ආයෙ ඉතින්

විය හැකිද මුලා

 

මධු සඳක් ලොවේ

මතු දකින තුරා

නිම්තෙරෙක ඉඳන්

මම හිඳිමි බලා

 

දුමින්ද හඳපාන්ගොඩ කියන දොස්තර මහත්තයෙක් තමයි මේ සිංදුව ලියලා තිබුණෙ. මේ පදවැල බලපු හැටියෙම මගේ හිත ගත්තෙ බොහොම සරල පද මාලාවක්. හැබැයි පද මාලාවෙන් කියැවෙන අර්ථයට යටින් වෙනත් අරුතක් තියෙනවා.

මේ පදමාලාව අරගෙන දොස්තර මහත්තයා ආවෙ ධම්මික බණ්ඩාර කියන ප‍්‍රවීණ ගීත රචකයත් එක්ක ධම්මික කොහොමත් සිංදුවල වචන යට තියෙන රසවත්කම මතුකරල ගීත විචාරය කරන්න දක්‍ෂයා.

කොහොම හරි මේ පදමාලාවෙ තියෙන්නෙ තමන්ව දාලා ගිය පේ‍්‍රමයෙන් පස්සෙ, දෙවෙනි පේ‍්‍රමයත් ඇති කරගන්න කථකයා තුළ තියෙන බය. ඒ දෙවෙනි පේ‍්‍රමයත් තමන්ව දාලා ගියොත් කියන බය. මේ අර්ථයත් හොඳයි. ඒ නිසා මම ඒ ගීතය ගායනා කරන්න කැමති වුණා.

පස්්සෙ නවරත්න ගමගේ මේකට ට‍්‍රැක් එක හදලා මට අහන්න දුන්නා. එයා සිංදුව ගායනා කරලා ඒ විදිහට මට ගායනා කරන්න කිව්වා. මම ගායනා කළා එයා හොඳටම සතුටු වුණා. සඳ කිරණ ගලා සිංදුවෙ තියෙන්නෙ මගේම දර්ශනයයි. ඒ නිසා මම මේ සිංදුවට ගොඩාක්ම කැමතියි.

 

මොකක්ද දයාන් ඔයාගෙ දර්ශනය?

පේ‍්‍රමය කියන්නේ ආත්මාර්ථකාමී කමේ උපරිමය. අපි පේ‍්‍රමකරනවා කියලා කියන්නෙ බදාගන්න එක. මමත් ඒ විදිහට කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා. මමත් පේ‍්‍රමය වැළඳගත්තා. ඒත් දවසක ඒ පේ‍්‍රමවන්තිය මාව හැරගියා. ඊට පස්සේ මං හිතහදා ගත්ත නොවිඳින වද වින්දා... අන්තිමේදි මම ගියේ අරියධම්ම හාමුදුරුවො ළඟට .... උන්වහන්සේ තමයි මට ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් කරල දුන්නෙ. ආදරය කියන්නෙ බදාගැනීමක්. වෙන්වුනාම ඒක වේදනාවක් බවට පත්වෙනවා. ඒ දෙන්න පේ‍්‍රමයෙන් වෙන්නොවී සිටියත් කවදහරි දවසක ජීවිතයෙන් වෙන්වෙනවා. එතකොටත් දුකක්. ඒක තමයි පේ‍්‍රමයේ හැටි. ඒ බණෙන් මම මගේ හිත හදාගත්තා.

 

දයාන් තනිකඩව ඉන්න හේතුව ඒකද

සත්තකින්ම ඊට පස්සෙ මට හිතුනෙ නැහැ පේ‍්‍රමය බදාගන්න ආයෙත් මොකටද මං දුක්වෙන්නෙ කියලා හිතනවා.

 

ඒ වුණාට ඔයා සිංදු බදාගන්නවා. මං අහල තියෙන විදිහට ඔයා මහ ගොඩක් සිංදු මේ වෙනකොට කියලා තියෙනවා.

සිංදු නම් 330ක් කියලා තියෙනවා. ඒ වුණාට තවමත් රටේ මිනිස්සු දන්නෙ මං මුලින්ම කියපු සිංදු ටික මගේ පළවෙනි ගී එකතුවෙ තිබුණු සිංදු ටික ඒටික තමයි ජනපි‍්‍රය වුණේ.

 

ඇයි ඉතින් ඊට පස්සෙ කියපු සිංදු ජනපි‍්‍රය නොවුණෙ. දයාන්ගෙ කල් ඉකුත් වෙලාද?

සිංදු ජනපි‍්‍රය වෙන්න නම් මිනිස්සුන්ට ඇහෙන්න ඕනෙ. ඇහෙන්න නම් රේඩියෝවල ප‍්‍රචාරය වෙන්න ඕනෙ ඒත් අද කාලේ සිංදුවක් රේඩියෝ එකක ප‍්‍රචාරය කරගන්න සල්ලි දෙන්න ඕනෙ. ඒත් හරි නම් වෙන්න ඕනෙ රේඩියෝවල ප‍්‍රචාරය කරන සිංදුවලට අපිට කර්තෘ භාග ගෙවීමයි. ඒත් අද ඒ ක‍්‍රමය කණපිට හැරිලා ඒ නිසා මං සිංදුව කරල මගේ ළඟ තියාගෙන ඉන්නවා. කවදා හරි ජනපි‍්‍රය වේවිනෙ කියන හැඟීමෙන්.

 

දයාන්ට හිතෙන්නෙ නැද්ද අපරාදෙ සල්ලි යට කරන්නෙ කියලා.

නෑ මේ මගේ සල්ලි නෙමෙයි තමන්ගේ ගීතයක් නිර්මාණය කරන්න ආශාවෙන් ඉන්න ගීත රචකයන්ගේ සල්ලි මට තියෙන්නෙ සිංදුව ගායනා කරන්න විතරයි. ඒකටත් මට සල්ලි ගෙවනවා.

 

දයාන් විතාරණ කියන්නෙ ප‍්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් කියලයි අපි දැනගෙන උන්නෙ කොහොමද එයා ගායකයෙක් වෙන්නෙ.

මම කොළඹ එන්නෙ ගායකයෙක් වෙන්න. එතකොට මට අවුරුදු විස්සක් ඇති. මම නන්දා මාලනී සංගීතාශ‍්‍රමයට බැඳිලා ගායකයෙක් වෙන්න ඉගෙන ගත්තා. මමයි දීපිකා පි‍්‍රයදර්ශනියි එකම දවසෙ නන්දා මාලිනී මහත්මිය ළඟට ගියේ. ඊට පස්සෙයි මම ඡුායාරූප ශිල්පියෙක් වෙන්නෙ. මම ඡුායාරූප ශිල්පියෙක් වෙලා ඉන්නකොට නන්දා මාලිනී මහත්මිය මට කතා කළා. එයාගේ මලට රේනු කැසට් එකේ කවරෙට මට කියලා පින්තුර ගන්න ඕනෙ කියලා. ඔය වෙලාවෙදියි ඇය මගෙන් ඇහුවේ ඇයි සිංදුවක් නොකියන්නෙ කියලා. ඊට පස්සේ තැන හිටපු සුනිල් ආරියරත්න සර්ට කිව්වා දයාන්ට සිංදුවක් ලියල දෙන්න කියලා. වැටෙන් එහා මල් පඳුරේ සිංදුව බිහිවුණේ ඒ විදිහට. ඒ සිංදුව අදටත් ජනපි‍්‍රයයි.

ඊට පස්සේ මම ලක්‍ෂ විස්සක් විතර වියදම් කරලා අලූත් සිංදු ටිකක් කළා. ඔබේ සුසුම් පවන් කියන ගී එකතුව ආවෙ ඒ විදිහට ඒ ගී එකතුවෙ ගීත වලින් දහයක් විතර ජනපි‍්‍රය වුණා.

 

ශාන්ත කුමාර විතාන

 



අදහස් (0)

මමත් කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 250 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 299 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site