මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ ට පහර දීම සම්බන්ධයෙන් සැකකුරුවන් දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොවන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් නියෝග කළේය
සැකකරුවන් දෙදෙනා මීගමු මහනගර සභාවේ සෙවය කරන මීගමුව බෝලවලාන ජනජයගම පදිංචි කරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළැයි කියන යතුරුපැදිය හා පහර දීහට යොදාගත්තැයි තියන පොල්ලක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මීපුර මාධ්‍යවේදියාට පහරදුන්නැයි දෙදෙනෙක් රිමාන්ඩ්
පද්මිණි Saturday, 04 June 2016 07:49 PM
කවුරුත් දන්නවා මේවායේ මුල් කොතනද කියලා. බලමු යහපාලනය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා (නි)
ධම්ම Sunday, 05 June 2016 02:53 AM
ගහන්න හරියට පොල්ලක්වත් තෝරාගන්න බැරි දෙන්නෙකුටනේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ. පොලීසියට අවශ්‍ය නම් කෙරෙව්වේ කවුද කියන එක සොයාගන්න අපහසු නැහැ. (නි)
ලෝරන්ස් Sunday, 05 June 2016 03:35 AM
ගැහුව එක වැරදි තමයි (ම)
තිලක්-ඩුබායි Sunday, 05 June 2016 07:59 AM
රජිත් මංජුල, ඔබ හරි. දැන් දැන් යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ලැජ්ජයි. (නි)
සේන Saturday, 04 June 2016 10:46 AM
ශ්‍රී ලංකා පොලිසියට ජයවේවා!!! (නි)
රජිත් මංජුල Saturday, 04 June 2016 01:20 PM
මම හිතන්නේ නෑ මේ දෙන්නට උවමනාවක් ඇති කියලා ෆ්‍රෙඩි ගමගේ මහත්මයාට ගහන මේක අනිවා කොන්ත්ත්රත්තුවක් මේකේ මුදුන් මුලට නොගහ සහිද මුල් කොච්චර කැපුවත් වැඩක් නෑ සමහර විට මේ කොල්ලෝ දෙන්න දන්නෙත් නැතුව ඇති ගැහුවේ මාධ්‍ය වෙදියෙකුටද කියලා කුඩු කාරයෝ දෙන්නෙකුට කියන්න ඇති මම මෙච්චරක් දෙන්නම් අරූට ගහපන් කියාල ඉදිරියේදී බලමු මහා මොලකාරයෝ කව්ද කියලා (හේ)
උපාලි Saturday, 04 June 2016 03:59 PM
රජිත් මංජුලගේ විග්‍රහය හරි. හැබැයි, ඔතනින් ඕක අවසානයි. මහමොළ ගැන කතාවක් එන්නේ නැහැ. ලොකු අපරාධ වලට කවදාද මහ මොළ අහුවුණේ? (නි)