IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව

(තරිඳු ජයවර්ධන)

පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක්වූ විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසු බව අනාවරණය වේ. තොරතුරු දැන ගැනීමේ පනත අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව ඒ බව අනාවරණය වී තිබේ. 

පසුගිය දා ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කළ වන රක්ෂිත පහෙන්  වන රක්ෂිත තුනක්ම ගැසට් කර ඇත්තේ 2012 වර්ෂයේය. මාවිල්ලු, වෙප්පල්, කරක්කුලි/මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරිප්පු යන වන රක්ෂිත 2017 මාර්තු 21 වැනි දා සිට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

හෙක්ටයාර 14,574.5 ක් වන මාවිල්ලු වන රක්ෂිතය සහ හෙක්ටයාර 10,494 වන වෙප්පල් වන රක්ෂිතය ගැසට් ගැසට් කර ඇත්තේ වර්ෂ ගණනාවකට පෙරය. හෙක්ටයාර 6,042ක් වන කරක්ඩිකුලි/මරිච්චකට්ටි වන රක්ෂිතය 2012 ඔක්තෝබර 10 වැනි දා ගැසට් කර ඇති අතර හෙක්ටයාර 2,108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. හෙක්ටයාර 7,525ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. 

අම්පාර, අනුරාධපුර, බදුල්ල, නුවරඑළිය, කළුතර, මොනරාගල,  ගම්පහ, මහනුවර, මාතර, රත්නපුර, පොළොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික්කවල සියලු සංරක්ෂණ වනාන්තර ගැසට් කර ඇත්තේ 2000 ජනවාරි පළමුවැනිදායින් පසුව බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලේඛණ අනුව පැහැදිලි වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි පස් වැනි දා ය. විල්පත්තු උතුර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනි දා ය.

මන්නාරම වන රක්ෂිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ මතභේද ඇතිවී තිබිණ. ඒ හේතුවෙන් තොරතුරු දැගනැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීම් අනුව ලබාගත් තොරතුරු වලින් ඉහත කරුණු සනාථ වේ. 



අදහස් (2)

මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව

thilina Thursday, 06 April 2017 03:22 AM

මිනිස්සුන්ව රවට්ටන එකේ සීමාවක් නෑ..මේ ගැසට් පත්‍රයෙන් කරලා තියෙන්නේ නම මාරු කිරීමක් පමනයි. රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර කියලා නම මාරු කරලා අපහු ගැසට් කලාමි මිනිස්සුන්ගේ විරෝධය අඩු කරන්න..මෙහෙමත් රැවටිල්ලක්..

:       3       154

yaha Thursday, 06 April 2017 07:29 AM

රටේ යහපත වෙනුවෙන් කරන වර්ජන නවත්වන්න අධිකරණ නියෝග ගන්න අයට මේවා වගේ ජාතික අපරාධ වෙනුවෙන් අධිකරණ නියෝග ගන්න බැරි රටක්ද මේක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 461 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site