IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව

(තරිඳු ජයවර්ධන)

පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක්වූ විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසු බව අනාවරණය වේ. තොරතුරු දැන ගැනීමේ පනත අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව ඒ බව අනාවරණය වී තිබේ. 

පසුගිය දා ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කළ වන රක්ෂිත පහෙන්  වන රක්ෂිත තුනක්ම ගැසට් කර ඇත්තේ 2012 වර්ෂයේය. මාවිල්ලු, වෙප්පල්, කරක්කුලි/මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරිප්පු යන වන රක්ෂිත 2017 මාර්තු 21 වැනි දා සිට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

හෙක්ටයාර 14,574.5 ක් වන මාවිල්ලු වන රක්ෂිතය සහ හෙක්ටයාර 10,494 වන වෙප්පල් වන රක්ෂිතය ගැසට් ගැසට් කර ඇත්තේ වර්ෂ ගණනාවකට පෙරය. හෙක්ටයාර 6,042ක් වන කරක්ඩිකුලි/මරිච්චකට්ටි වන රක්ෂිතය 2012 ඔක්තෝබර 10 වැනි දා ගැසට් කර ඇති අතර හෙක්ටයාර 2,108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. හෙක්ටයාර 7,525ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. 

අම්පාර, අනුරාධපුර, බදුල්ල, නුවරඑළිය, කළුතර, මොනරාගල,  ගම්පහ, මහනුවර, මාතර, රත්නපුර, පොළොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික්කවල සියලු සංරක්ෂණ වනාන්තර ගැසට් කර ඇත්තේ 2000 ජනවාරි පළමුවැනිදායින් පසුව බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලේඛණ අනුව පැහැදිලි වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි පස් වැනි දා ය. විල්පත්තු උතුර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනි දා ය.

මන්නාරම වන රක්ෂිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ මතභේද ඇතිවී තිබිණ. ඒ හේතුවෙන් තොරතුරු දැගනැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීම් අනුව ලබාගත් තොරතුරු වලින් ඉහත කරුණු සනාථ වේ. 



අදහස් (2)

මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව

thilina Thursday, 06 April 2017 03:22 AM

මිනිස්සුන්ව රවට්ටන එකේ සීමාවක් නෑ..මේ ගැසට් පත්‍රයෙන් කරලා තියෙන්නේ නම මාරු කිරීමක් පමනයි. රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර කියලා නම මාරු කරලා අපහු ගැසට් කලාමි මිනිස්සුන්ගේ විරෝධය අඩු කරන්න..මෙහෙමත් රැවටිල්ලක්..

:       3       154

yaha Thursday, 06 April 2017 07:29 AM

රටේ යහපත වෙනුවෙන් කරන වර්ජන නවත්වන්න අධිකරණ නියෝග ගන්න අයට මේවා වගේ ජාතික අපරාධ වෙනුවෙන් අධිකරණ නියෝග ගන්න බැරි රටක්ද මේක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 649 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site