IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මිනිස් තිරිසනා අල්ලන්න ග්‍රේරෝ කිලෝමීටර දෙකක් දුවයි

අම්බලන්ගොඩ සිට කහතුඩුව කිරිගම්පමුණුවේ දියණියගේ ගෙදරට යමින් සිටි මවක (65) වෙල් යායකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝගෙන් සෑහෙන උදව්වක් ලැබිණි.

ලේ තැවරුණු සායක ඉව ඔස්සේ කිලෝ මීටර් 2ක් ගිය ග්‍රේරෝ යකඩ බඩු තිබූ ස්ථානයකට ඉව අල්ලා එතැනින් තවත් නිවසකට ද එතැනින් පාළු ගෙයකට ද ගොස් නතර වෙයි.

ඉන්පසු ඒ අසල තවත් ගෙයකට ගියේය. එහි මිදුලේ රෙදි වැලේ තිබූ තෙත රෙදි කිහිපයක් පිරිමියකුගේ බව දැනගත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මිනිස් තිරිසනා අල්ලන්න ග්‍රේරෝ කිලෝමීටර දෙකක් දුවයි

සුමිත්ත්‍ර බස්නායක Friday, 18 March 2016 03:40 PM

පොලිස්සියට තිබුනනේ දුවපන් කියල ඉවරයක් කරලා දාන්න. ඔය වගේ තිරිසන්නු සමාජයට පිළිලයක්.තමන්ගේ අම්මා මතක් උනේ නැද්ද, තිරිසන්නු................(රේ)

:       0       0

උපාලි Friday, 18 March 2016 03:49 PM

ඔන්න ග්‍රේරෝ පැටියෝ, තවත් වික්‍රමයක් පෙන්නපන්. (රේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 19 March 2016 06:07 AM

බල්ලොත් නොකරන වැඩ මේවානම්.ග්‍රේරෝටම කිව්වානම් දඩුවමත් දෙන්න කියලා. (බ)

:       0       0

රූපවතී Saturday, 19 March 2016 06:45 AM

ඇයි බැරි එල්ලුම් ගහ ක්‍රියාවට නංවන්න? (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Sunday, 20 March 2016 03:50 AM

ග්‍රේරෝ ට පුහුණුව දුන්, ඔහු බලාගන්නා , 2 කිලෝමීටර්ස් දුවපු ඒ පොලිස් නිලධාරියට මගේ ප්‍රණාමය. (බ)

:       0       0

මොහොමඩ් Saturday, 19 March 2016 06:50 AM

හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යමු. (නි)

:       0       0

මනෝජ් Saturday, 19 March 2016 06:53 AM

එතකොට පොලිසිය අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

ටිෂාන් Monday, 21 March 2016 01:38 AM

සුනඛයෝ හොඳයි. උන් හෝටල් වලින් නිකම් කෑම ඉල්ලන්නේ නැහැ, පාටි වලට ගිහින් අරක්කු ඉල්ලලා මිනීමරන්නේ නැහැ, පාරේ ඉඳලා බොරු නීති හද හදා පගා ඉල්ලන්නේ නැහැ. එ්ත් මිනිස්සුයි කියාගන්නා අය එහෙම ඉන්නවද? (නි)

:       0       0

ගුණවර්ධන Friday, 18 March 2016 07:12 PM

ග්‍රේරෝ නියමයි. අල්ලපන් වීරයා තව අපරාධ දිගටම. නුඹට ජය! (නි)

:       0       0

සමන්ති Friday, 18 March 2016 07:45 PM

අර කරත්ත වල බඳින හරකුන්ට දෙන දඬුවම් දෙන්න ඕනෑ මේ වගේ අයට (නි)

:       0       0

අතුල Friday, 18 March 2016 07:52 PM

අපේ රට හදන්න ඕනෑ නම් ජේ වී පී ආණ්ඩුවක් එන්නම ඕනෑ. වෙන කවුරු ආවත් බොරුව තමයි රජ වෙන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 March 2016 08:40 AM

මේවා පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අවාසනාවට අපි සංවේදියි. (නි)

:       0       0

රුවන් Friday, 18 March 2016 09:02 PM

මේ මිනිසුන්ට මොනවා වෙලාද? තිරිසන් මිනිස්සු. (නි)

:       0       0

නවුෂි Sunday, 20 March 2016 06:47 AM

මේවගේ අපරාධ කරන එවුන්ව ප්‍රසිද්ධියේ දඬුවම් කරන්ඩ ඕනේ. මෙහෙමත් තිරිසන් ගතිගුණ තියෙන අය අපේ සමාජයටම පිළිකුලක් (බ)

:       0       0

ටිකිරි Saturday, 19 March 2016 09:43 AM

ග්‍රේරෝ රටට වටිනා සම්පතක්.

:       0       0

සරසි Saturday, 19 March 2016 10:54 AM

සමහර අම්මලා පුතාලව හදන්නේ පිටස්තර කාන්තාවට කිසිම ගරුත්වයක් නැති වුණාට කමක් නැහැ වගේ. මේ ඒවායේ ප්‍රතිඵල. (නි)

:       0       0

දම්මි Saturday, 19 March 2016 11:01 AM

අතුල, 88/89 කාලේ හිටපු අය කරපුවා මතක නැද්ද ඔයාට? (නි)

:       0       0

ඉනෝකා Friday, 18 March 2016 12:27 PM

මෙවන් තිරිසන් මිනිසුන්ට, ප්‍රසිද්දියේ මතක හිටින දඬුවමක් දිය යුතුය.මොවුන් අම්මලා,අක්කලා,නංගිලා නැති පව්කාරයන්ද...? (ර)

:       0       0

ජේ.පී.සුනිල් Friday, 18 March 2016 12:49 PM

සුනඛයාතමයි හෙද සතා(අ)

:       0       0

ටෙනිසන් Saturday, 19 March 2016 02:13 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! මේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 08:06 AM

දම්මි, ඔයා කරුණාකර අදාළ සමාජ වටපිටාව නිර්මාණය වූ ආකාරය විමසීමකට ලක්කරන්න අනිත් අය කියනවට කියන්නේ නැතුව. ඇයි ඔයාලගේ පක්ෂ දෙකේ ආණ්ඩුවලින් මේ රටේ මිනිස්සුන්ට වචනයක් කියන්න බැරිවෙන්න රට සුඛිත මුදිත සමෘධිමත් එකක් කළාද? (ර)

:       0       0

විනෝලි Sunday, 20 March 2016 02:52 PM

බල්ලා හරියට රාජකාරිය කළා. මිනිස්සු මොන පිස්සුවක් නටයිද දන්නේ නැහැ. මතකනේ සේයාගේ ප්‍රශ්නය මෙහෙයවපු කැත. (නි)

:       0       0

විජිත Saturday, 19 March 2016 03:17 PM

මේ සමාජයේ මිනිසුන්ට අම්මා, ආච්චි, දුව හඳුනන්න බැරි එක පුදමයක් නොවේ (නි)

:       0       0

අබේරත්න Saturday, 19 March 2016 04:05 AM

අතුල , ජේ. වී .පී. ආණ්ඩුවේ ඇතුලේ ඉන්නේත් අපි අතරින් ආපු උදවියම තමයි. පක්ෂයක ප්‍රතිපත්ති බැලුවම රට සුරපුරයක් කරන්නට පුළුවනි. ඒත් ඒවා ක්‍රියාත්මක කරවන උදවිය යහපත් එඩිතර ගති පැවතුම් වලින් සන්නද්ධ වූ අය වෙන්ට ඕනෑ. (බ)

:       0       0

මධුසංක Friday, 18 March 2016 02:21 PM

අනේ මන්ද මේ වාගේ අයට නම්,බල්ලට තියෙන මොලේ වත් මුන්ට නැනේ (අ)

:       0       0

නලින් තිලක් ජයසූරිය Saturday, 19 March 2016 06:00 PM

මේ වගේ අයට ඉන්න ඕනෑ අපේ වාස් ගුණවර්ධන මහත්තයලා වගේ අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site