IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමට රජයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක්

ගෘහස්ථ සේවකයන් බඳවා ගන්නා මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමේ නීති කෙටුම්පත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව කටාර් පුවත් ඒජන්සිය වාර්තා කරයි.


එසේම මෙම කමිටුව මගින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, බඳවා ගැනීමේ ගාස්තු පහළ දැමීම සහ ගෘහස්ථ සේවකයන්ගේ පරිවාසකාලය වැඩි කිරීම සඳහාද යාන්ත්‍රණයක් සකස් කරනු ඇත.


පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු ආමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් ජෆාලි අල් නුඅයිමි, කටාර් වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කාලීෆා බින් ජාසිම් බින් මොහොමඞ් අල් තානි, අභ්‍යන්තර අමාත්‍යාංශයේ දේශසීමා, ගමන් බලපත්‍ර සහ ප්‍රවාසික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ බි්‍රගේඩියර් මොහොමඞ් අහ්මඞ් අල් අටික් සහ මිනිස්බල නියෝජිතායතන මෙහෙයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් කටාර් වාණිජ මණ්ඩලයේදී පැවැති සාකච්ඡාවකදී ඉහත තීරණය ගෙන ඇත.


මිනිස්බල නියෝජිතායතනවල නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉහත කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට රැස්වීමේදී තීරණය කළ බව කටාර් පුවත් ඒජන්සිය පවසයි.


බඳවාගැනීමේ පමාව සහ ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් පුරවැසියන් සමාජජාල සහ දේශීය මාධ්‍ය ඔස්සේ මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ඉහත තීරණය ගෙන ඇත. මෙම කමිටුව අභ්‍යන්තර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශය, කටාර් වාණිජ මණ්ඩලය සහ මිනිස් බල ආයතන නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත වෙයි.

 



අදහස් (0)

මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමට රජයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site