IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මිනිසුන්ට දැනෙන නිර්මාණ වලට මාධ්‍යය ඉඩදෙනවා

2016-03-18-ent-43

"සමනල සන්ධ්වනිය" හරහා බොහෝ දෙනෙකු රංගන ශිල්පියෙකු ලෙස හඳුනාගත් ඔහු දක්ෂ ගායකයෙකි. මෙම මස 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ සවස 7.00ට පැවැත්වෙන "මන්දර පව්ව" සංගීත ප්‍රසංගයට සහභාගි වීමට බලාපොරොත්තු වන ඔහු සූර්යා දයා රුවන්ය.

 

2016-03-18-ent-41මුලින්ම "මන්දර පව්ව" ගැන කතා කරමු?
චරිත් දසනායක සහ අසංග සායක්කාරගේ මූලිකත්වයෙන් "මන්දර පව්ව" සංගීතමය වැඩසටහන සංවිධානය වෙනවා. මෙහි ගායකයන් හය දෙනෙක් ගායනයෙන් දායක වෙනවා. රන්ජන් සාලිය, සමන් ලෙනින්, නිමල් වර්ණකුල, ඉන්දික රුවන්, තුසිත් සිම්සන් යන ගායකයන් තමයි මෙදිනට සහභාගි වෙන්නේ.මම එහි බටහිර ගීත ගායනයට දායක වෙනවා. මගේ නව ගී නිර්මාණය "The rare human of universe" ගීතය මම එදිනට එළිදක්වනවා. ඒ වගේම ඔස්ටේලියාවේ මෙල්බන්වල revergan hall හි එළි දැක්වූ "The rare human of universe" ගීතයත් මම එදින ගායනා කරනවා. යුග ගීතයකුත් එදින ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම ගීතය සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. නීතිඥ නදීක ඒකනායක එම ගීතය පද රචනය කළා.

 

ඊට අමතරව ඔබ දායක වු ගී නිර්මාණ ගැන කතා කළොත්?
ගිහාන් රෝහණ අයියගෙ "බිඟු" ටෙලි නාට්‍යයේ තේමා ගීතය මම ගායනා කළා. එම ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ, පද රචනය කළේ සුරම්‍යය මාපිටිගම. චරිත් දසනායක හා අමිල තේනුවර පද රචනය කළ මම දායක වූ ගීත දෙකක් ඉදිරියෙදි දකින්න ලැබෙයි

 

නව ගීතවලට මාධ්‍ය‘යෙන් ලැබෙන ඉඩ ගැන තිබෙන අදහස?
මට නම් මාධ්‍යවලින් ගී නිර්මාණවලට ඉඩලැබෙනවා. මම හිතන්නෙ දිනකට නිර්මාණ බොහෝ ප්‍රමාණයක් බිහිවෙනවා. ඒ අතරින් ගුණාත්මක බවෙන් යුතු නිර්මාණවලට, මිනිසුන්ට දැනෙන විදිහේ ගීතවලට මාධ්‍යවලින් ඉඩ ලැබෙනවා. ඒ වගේම මාධ්‍ය තුළ තිබෙන තරගකාරීත්වය නිසා සමහර අවස්ථාවලදී ගීතවලට අවස්ථා නොලැබෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගත්තත් එවැනි නිර්මාණවලට ලැබෙන ඉඩ ප්‍රමාණය අඩුයි. විදේශීය ටෙලි නාට්‍ය තිරගත වනවිට අනෙක් නිර්මාණවලට ලැබෙන ඉඩකඩ අඩුවෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
සුජීව ගුණරත්නගේ "කාල" චිත්‍රපටයේ කාශ්‍යප චරිතයට දායක වෙන්න මට හැකියාව ලැබුණා. පසුව මගේ නව චිත්‍රපටය වන "තානාපතිලාගේ ගෙදර" ට දායක වුණා. එහි චිත්‍රපට ගීත ගායනයටත් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ හතර වන චිත්‍රපටයට අරුණ ජයවර්ධන අයියගෙන් ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයට ඉදිරියෙදි දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිට මම විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරලා ඉවරයි. කලාව තමයි දැන් මගේ ජීවිතය වෙලා තියෙන්නෙ. බාරගත්ත නිර්මාණ කිහිපයකම මේ දිනවල වැඩකරගෙන යනවා. නලින් මාපිටිගම අයියගේ "තානාපතිලා ගෙදර" චිත්‍රපටයේ ප්‍රධාත චරිතයකට දායක වෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම දෙරණ "ස්ටාර් සිටි" වැඩසටහනේ පුහුණුවීම් කටයුතුවලට දායක වෙනවා. චරිත් අබේසිංහ අයියා අධ්‍යක්ෂණය කරන "හීන් දළයා" කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් බලංගොඩ ප්‍රදේශයේ සිදු කරනවා. මගේ අධ්‍යාපනය ගැන කියනවා නම් මේ වනවිට ලන්ඩන් විභාගයට සූදානම් වෙනවා. මගේ නව ගීත තුනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දර්ශන රුවන් කරන වසන්ත නිද්‍රාව ඔපෙරාවට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

  නිදුක් මධුෂික

tharunaya

2016-03-18-ent-42
2016-03-18-ent-44

 



අදහස් (0)

මිනිසුන්ට දැනෙන නිර්මාණ වලට මාධ්‍යය ඉඩදෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site