මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ලබන මස 06 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රජය කළ ආරාධනය පිළිගනිමින් ඔහු මෙලෙස පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ,විපක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවනු ඇත.
මානව හිමිකම් සුරුකීම සහ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කමිසුරු ලංකාවට
රංග Friday, 29 January 2016 08:01 AM
මොහු එක පාර්ශවීය ලෙස අප සදාදරණීය රණවිරුවන්ට චෝදනා නඟා ඇත. ඔහුගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ 154 වන පිටුවේ විශේෂයෙන් එවකට හමුදාපති සරත් ෆොන්සේකා සහ වන්නි ආඥාපතිව සිටි ජගත් ජයසූරිය ඇතුළු රණවිරුවන් හිතාමත සැලසුම් සහගත ලෙස රෝහල් මතට බෝම්බ හෙළ යුද අපරාධ සිදු කළැයි අභූත චෝදනා නඟා ඇත.(ම)
මානෙල් Friday, 29 January 2016 02:29 PM
තම ජාතියට ලොකු රටවලින් සිදුවෙන අසාධාරණය වලක්වගන්න බැරි මෙයා මෙහෙ ඇවිත් මොනවා කරන්නද ? මීට කලින් කොටි දෙනක් ඇවිත් මර්වින් ලොක්කාගෙන් මංගල යෝජනාවක් ලැබුනේ (බ)
නාමල් Friday, 29 January 2016 09:08 AM
කවුරුන් හෝ යුද අපරාධ කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. ඔබතුමා සාධරයෙන් පිළිගනිමු (බ)
සඳමාලි Friday, 29 January 2016 09:11 AM
යුද අපරාධ කළේ නැත්නම් කවුරුවත් මෙයාට බයවිය යුතු නෑ (බ)
ද සිල්වා Friday, 29 January 2016 09:13 AM
මානව හිමිකම් තිබෙන්නේ මරුණ කොටියන්ට පමණක් නොවේ ඇඹිලිපිටියේ ඝාතනය වුණ මිනිහා ගැනත් සොයන්න (ම)