IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මානව හිමිකම් කොමිසම උසාවි යයි

(මනෝප්‍රිය ගුණසේකර)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ඇතිකර ගත් සමථය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යොමු කළ එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා වෙත යොමු කොට ඇතැයි වාර්තාවේ.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලය තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 25 වැනිදා කැඳවන ලද සාකච්ඡාවකදී එම කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය

එම සාකච්ඡාව අවසානයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරී 23 වැනිදා සිට පෙබරවාරී 25 වැනිදා දක්වා වන කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදීමට සාකච්ඡාවට සහභාගී වු පාර්ශවකරුවන් සියළු දෙනා සමථයකට පැමිණී බවත් ඉන් අනතුරුව අදාළ සමථය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ විධානයක් වශයෙන් ඉකුත් 26 වනදා නිකුත් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති මානව හිමිකම් කොමිසම ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන එම විධානය ප්‍රකාරව ක්‍රියාත්මක වී ඉකුත් 26 වැනිදා සවස 4.00 ට පෙර දැනුම් දෙන ලෙස ද මානව හිමිකම් කොමිසම විසින් අදාළ ආයතන වලට දැනුම් දුන්නත් අදාළ ආයතන එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයිද දැනුම් දී ඇ.

එම විධානය ක්‍රියාත්මක කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම පැහැර හැරීම සහ ප්‍රතිචාර දැක්වීම පැහැර හැරීමෙන් “කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරද” සම්බන්ධයෙන් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව මානව හිමකම් කොමිසම අදාළ ආයතනවලට චෝදනා කොට ඇතැයිද වාර්තා වේ”

 



අදහස් (4)

මානව හිමිකම් කොමිසම උසාවි යයි

Jagath Leanage Monday, 30 January 2023 10:00 PM

දැන් ඉතින් කට්ටිය ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නයි තියෙන්නේ

:       0       1

අරවින්ද මොණරවිල Tuesday, 31 January 2023 06:57 AM

රටේ නීතිය යුක්තිය නොදන්න, තමන්ට ලැබෙන වගකීම දරාගන්න බැරි ඒක තමන්ට ලැබුණු අභරණයක් ලෙස කල්පනා කරන මුග්ධයන් වැනි මිනිසුන් බලයට පත් වු විට වෙන දේවල් තමයි මේ සිදු වෙමින් තිබෙනුයේ.

:       0       2

fairoos Tuesday, 31 January 2023 12:28 PM

උසස්පෙළ විභාග ඉවරවෙන්ඩ ඉස්සෙල්ල මේකට තීන්දුවක් ලැබෙයිද?

:       1       4

swene Wednesday, 01 February 2023 06:21 AM

ඉතා හොඳයි. කොමිසම පිළිබඳ විශ්වාසනීයත්වය පලුදු නොවී පවතීවි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site