IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිනුවන්ගොඩ අලුත් සංවිධායක පිළිගන්නේ නැතිලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා කිසිදු දැනුම්දීමකින් තොරව එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලයේ ලේකම් පද්මකුමාර අරංගල්ල මහතා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාවට අද (02) ලිපියක් යවමින් දැනුම් දී ඇත.

මිනුවන්ගොඩ ආසනයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව සංවිධායක ලෙස රුවන් රණතුංග මහතා පිළි නොගන්නා බවත්, ඔහු සමග දේශපාලනය කළ නොහැකි බවත් අරංගල්ල මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

ප්‍රසන්න රණතුංග මහතා යළි මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස පත් කළ යුතු බව ද, එලෙස පත් නොකරන්නේ නම් තව දුරටත් පක්ෂයේ කටයුතු කිරීම ගැන නැවත සිතා බැලීමට සිදුවන බව ද ඔහු  සඳහන් කර ඇත.



අදහස් (0)

මිනුවන්ගොඩ අලුත් සංවිධායක පිළිගන්නේ නැතිලු

නන්දපාල Thursday, 03 March 2016 01:46 AM

මොනවද හිතන්නේ? ඔය වගේ අය ප්‍රසන්න රණතුංග එක්ක එකතුවෙලා අලුත් පක්ෂයක් හදාගන්නකො. (නි)

:       0       0

සිල්වා Thursday, 03 March 2016 01:59 AM

දෙයියනේ කියලා යන්නකෝ ඉතින් මේ ශ්‍රී ලංකා එක සුද්දකරගන්න දීලා. තව ගොඩක් අය ඉන්නවා එළියට දාන්න. (නි)

:       0       0

නන්ද Thursday, 03 March 2016 03:25 AM

ශ්‍රී ල නි ප ය දෙකට කඩලා, බෙදලා විනාශ කරන අය එම පක්ෂයේ තියාගන ඉන්න එක එම පක්ෂයට කරන බරපතල අපරාධයක්. විනයක් නැති කිසිම සංවිධානයකට පැවැත්මක් නැහැ. ඒක තේරුම් ගන්න බැරි අය මොකටද පක්ෂයක තියාගෙන? (ම)

:       0       0

ප්‍රසන්න Thursday, 03 March 2016 05:11 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු.එක වර්ගයක කුරුල්ලෝ එකට ලගිනවලු.(ම)

:       0       0

සමන් Thursday, 03 March 2016 05:47 AM

ශ්‍රී ල නි ප ය බලයට එන්න නම් ජනතාවගේ යහපතට ගන්න හොඳ තීරණ වලට විරුද්ධවෙන පක්ෂයේ ඉන්න ජනතාව පිළිකුල් කරන අය ඉවත්කළ යුතුයි (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 04:30 PM

අමාවක දිනයක අහස දෙස බලා සඳ ඉල්ලන මහත්වරුනේ. පක්ෂ නායකත්වය සමඟ ඉන්න. (ර)

:       0       0

ජයවික්‍රම Thursday, 03 March 2016 06:25 AM

ඔය කව්රුත් පිළි නොගෙන හිටිය නම් තමයි (ම)

:       0       0

උපාලි Wednesday, 02 March 2016 05:00 PM

ඔව් නැවත සිතා බලන එක හොඳයි. එතකොටවත් තේරෙයිද බලන්න පක්ෂ නායකත්වයට බැන බැන ඉන්න, පක්ෂ විනය මොකක්දවත් නොදන්නා අය එක්ක ඉන්නවද, නැත්නම් පක්ෂයෙන් පත් කල සංවිධායක එක්ක ඉන්නවද කියලා. (ර)

:       0       0

අප්පුහාමි Thursday, 03 March 2016 12:43 AM

ඔව් ඉතින්, ඉන්න බැරි නම් යන එක තමයි කරන්න වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site