(බී.ජී.චතුරංග)
මනාල යුවළක් ගමන් කළ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන තුනක සහ වෙළඳසැලක ගැටී සිදුවූ රිය අනතුරකින් එම වාහනය පැදවූ මනාලයා ඇතුළු සිව් දෙනකු රෝහල් ගත කර ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.
මිහින්තලේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ මනාල යුවළ රැගත් මෝටර් රථය කුරුන්දන්කුලම පාසල ඉදිරිපිට දී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
එම යුවළ ගමන් කළ මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී යාමත් සමග එම රථය අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක තිරොද රථයක ගැටී ඉන් අනතුරුව අසල තිබූ මැටි භාණ්ඩ වෙළෙඳ සැළකට ඇදී ගොස් නතර වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් එම මෝටර් රථය පැදවූ මනාලයා, යතුරුපැදි දෙකේ ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මනාලයා වැරදි පාරේ ගිහින් හතරක් රෝහලට
sharm warn Wednesday, 25 May 2022 03:30 PM
අයියෝ පව්... මනමාලිව කන්න එපා දැන් ඉතින්...!