IMG-LOGO

මෙන්න සැබෑ ගුරුවරු

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතා තමාට සිසුන්ගේ මවුපියන් දීමට ගිය රුපියල් ලක්ෂ 31 ක මුදල යොදවා එම පාසලට සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යෙදූ අතර එම පුස්තකාලය අද (17) ඔහු අතින්ම විවෘත කෙරිණි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වසර නවයක කාලයක් සේවය කර ස්ථානමාරුවක් ලැබ යන අවස්ථාවේ සිසුන්ගේ මවුපියන් රුපියල් ලක්ෂ 31 ක මුදල් ත්‍යාගයක් දීමට සූදානම් වූ අවස්ථාවේ කසුන් ගුණරත්න මහතා එය කාරුණිකව ප්‍රතික්ෂේප කර එම මවුපියන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල යොදවා පාසලට මහත් අඩුපාඩුවක්ව පවතින සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යොදන ලෙසය.

සුහුරු පුස්තකාලය විවෘත කිරීමට ආරාධනා ලැබුවේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතාටය.

කසුන් ගුණරත්න මහතා විදුහලට පැමිණි අවස්ථාවේ සිසුහු මවුපියෝ සහ ගුරු මණ්ඩලය ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.

තමාට ලැබුණු ත්‍යාගය පාසලටම පරිත්‍යාග කළ  හිටපු විදුහල්පතිවරයාගේ ආදර්ශවත් ක්‍රියාව එහි දී මහත් ඇගැයීමට ලක් කෙරෙණි.

කසුන් ගුණරත්න මහතා ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ වර්තමාන විදුහල්පතිවරයාය.

 



අදහස් (7)

මෙන්න සැබෑ ගුරුවරු

SL Monday, 17 July 2023 11:05 PM

ගොඩක් පින්. සියලු අනාගත අපේක්ෂා සාර්ථක වේවා

:       0       10

Nihal Tuesday, 18 July 2023 01:48 AM

බොහොම හොඳයි, ස්තුතියි සර්.

:       0       2

වනි ගෙ Tuesday, 18 July 2023 08:47 AM

මෙවන් උතුම් පුද්ගලයින් ඇගයි ය යුතුයි.

:       0       9

senarath Tuesday, 18 July 2023 08:56 AM

ඉතාම ආදර්ශවත් ක්‍රියාවක් .අපේ සමහර ගුරුවරු වර්ෂ අවසානයේදී කටින්ම තෑගී ඉල්ලන සමාජයක මෙවන් ගුරුවරු දකින්න ලැබීමත් සතුටක්

:       1       6

Rizwan Amath Tuesday, 18 July 2023 09:47 AM

ගුරු දෙවිවරු කියන්නෙ මෙ වගේ අයට. අද කාලෙ ලමයෙක්ව ඉස්කොලෙ දාන්න ලක්ස ගනන් ඉල්ලන විදුහල්පතිල අතරේ සැබවින්ම මහත්මා ගති ඇති පුද්ගලයෙක්. ඔබට ජයවෙවා විදුහල්පති තුමනි. ඔබගෙ අනාගත වැඩ පිලිවෙල සාර්ථක වෙවා.

:       0       7

Bamunuarachchi Tuesday, 18 July 2023 11:44 AM

ජෝසප් ස්ටාලින්ගේ පුතා අර ලෝකල් ඉස්ටාලින් මේවා දන්නවාද දන්නේ නැහැ.

:       0       3

Bunny Preena Tuesday, 18 July 2023 11:58 AM

ඔබව හැදූ වැඩූ දෙමව්පියන්ට බොහොම පින්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site