IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට

 

(ටී.කේ.ජී.කපිල )

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් " මන්නා රමේෂ් " නැමැති අය අද දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු පිරිසක්  කටුනායක ගුවන් තොටුපොළ හරහා රැගෙන පැමිණියහ .

32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔහු මීට මාස කීපයකට පෙර ඩුබායි හී දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

ඔහු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් ද කැදවා තිබුණි .

--------------------------------------------------------

2024-05-07
05:30 AM

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිතය.

මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

 



අදහස් (10)

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට

යෝගා Tuesday, 07 May 2024 06:53 AM

මරු, අපේ ලෝයර්ලට හුඟක් සතුටු හිතෙයි !!

:       1       29

පියදාස Tuesday, 07 May 2024 07:59 AM

ගෙන්නුවට වැඩක් නෑ උසාවි දාලා දඬුවම් දෙන්න බොරුවට ඡන්දේ ඉවරවෙනකම් අල්ලන් තියන් ඉඳලා මිනිස්සු රවට්ටන්නෙ නැතුව.

:       9       16

Ravi Gunawardena Tuesday, 07 May 2024 08:10 AM

ඔන්න අපේ ලෝයර්ස්ලාට හොඳ හොද්දක්. :)

:       1       28

Kazi Shajahan Tuesday, 07 May 2024 10:53 AM

ඔක්කෝම ගෙනාවා ඒත් තාම අර්ජුන මහේන්ද්‍ර ගෙනාවේ නැ තාම

:       8       30

Sam Tuesday, 07 May 2024 10:56 AM

මේ වගේ පාතාලේ උන්ට හොර පාස්පෝර්ට් හදන්න පහසුකම් දෙන, ග්‍රාමසේවක , JP , ආගමන විගමන ඔෆ්ෆිස් එකේ ඉන්න උන්ව ඉස්සරවෙලාම හිරේ යවන්න ඕනේ. මේ වගේ පාතාල මැරයින් ට පහසුවෙන් ඒ රටවලට යන්න ලැබෙන නිසා,ලංකාවෙන් ගිහින් ඩුබායි වල වැඩ කරන 99.99% වන හොඳ මිනිස්සුන්ටත් මේ නිසා ලොකු අවමානයක්, බලපෑමක් වෙනවා.

:       1       31

Bunny Preena Tuesday, 07 May 2024 11:29 AM

මාකදුරේ මධුෂ්ට වුණ දේ මෙයාටත් සිදුවෙයිද දන්නේ නෑ?

:       16       26

පිටිගල මිලානෝ Tuesday, 07 May 2024 11:55 AM

මේ අය පිටිපස්සෙන් ඉන්න ගද දේශපාලකයොත්, පොලිසියේ අයත් මේ සමගම අත්අඩංගුවට ගන්න.

:       16       39

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 07 May 2024 12:07 PM

දැන් එතකොට කවදද ඔය මිනිහව සඟවා තැබූ අවි සොයාගන්න එක්ක යන්නේ?

:       15       36

අරවින්ද මොනරවිල Tuesday, 07 May 2024 08:08 PM

පාතාල නායකයා ගුවන්තොටුපළේ සිට පොලිසියට අරන් යන්නේ ප්‍රභු ආරක්ෂාව දීලා, ඒ තරමට පාතාලය බලවත් වෙලා රජයේ ජාතික ආරක්ෂාව දුර්වල වෙලා. අවුරුදූ හැත්ත හයක් හැදුව රට.

:       0       4

නිහාල් Wednesday, 08 May 2024 10:58 AM

දැන් අපේ සල්ලි වලින් පින්බත් ගිලින්න දෙන්න වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site