IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මන්නා පහරින් කොල්ලකරු රෝහලේ

 (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නින්ජා වෙසින් නිවසක් කොල්ල කෑමට පැමිණ අඹු සැමි යුවලකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා භිය ගන්වා පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයකු නිවැසින්ගේ පහර කා තුවාල ලබා ‌රෝහල්ගත කර ඇතැයි හෝමාගම මූලස්ථාන  පොලීසිය කියයි.

කෝකරු පළා යාමට තැත් කිරීමේදී ඔහු අත තිබූ තියුණු ආයුධයෙන්ම නිවෙස් ඒලෙස පහරදී තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු  ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි .


මෙම සිදුවීම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක නිලධාරියකුට අයත් හෝමාගම පිටිපන ගුණවර්ධන  මාවතේ  නිවෙසක අළුයම සිදුව තිබූ අතර නින්ජා වෙස්ගත්  සැකකරු මන්නයක් අතැතිව මෙම  නිවස කොල්ලකෑමට පැමිණ තිබේ .

එම අවස්ථාවේදී ඒ බව දුටු  නිවෙස් හිමියා  ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහුට මන්නයකින් කෙටීමට සැකකරු උත්සාහ කර තිබේ.

පසුව ඔහු සමග පොරබදන අවස්ථාවේදී  එම ස්ථානයට  නිවෙස් හිමියාගේ  බිරිඳ හා අවුරුදු දෙකක් වයසැති  දියණියක ද  පැමිණීමත් සමග ඔවුන් දෙදෙනාටද කොල්ලකරු මරණීය තර්ජනය කොට පහරදී තිබේ.

පසුව බිරිඳ කොල්ලකරු අල්ලාගෙන ඔහු  සමඟ පොරබදන අවස්ථාවේදී  නිවෙස් හිමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ල කරු අත තිබූ මන්නය උදුරාගෙන ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකට පහර දී බි‍රිද බේරාගෙන ඇති බවයි  පොලිසිය පවසයි.
 



අදහස් (5)

මන්නා පහරින් කොල්ලකරු රෝහලේ

Lankaputha Tuesday, 05 September 2023 01:41 PM

නිර්භීත සැමියා. නීතිය ඔහුව ආරක්ෂා කළ යුතුයි

:       0       129

SameeraTuesday, 05 September 2023 08:06 PM

මූව කපලාම බාවලා දැම්මා නම් වැඩේ සුපිරියි.

:       0       5

AsankaWednesday, 06 September 2023 12:02 AM

අනිවාර්යයෙන් මේ නිර්භීත සැමියා හා බිරිඳ රිමාන්ඩ් කරනවා මේක ලංකාවේ හොරු රකින නීතිය .ඔන්න බලන්න බොරු නම්

:       0       4

Bamunuarachchi Tuesday, 05 September 2023 06:25 PM

නියමයි මම නම් එයාගේ ඇඟිලි ටික අතින් වෙන් කරනවා. ඔය වෙලාවට ඕන දෙයක් කරන්න පුළුවන් ඝට ඇවිල්ලා.

:       0       2

සෙනෙවිරත්න Wednesday, 06 September 2023 11:14 AM

මරාදැමුවත් ඔබ නිදොස්, කුඩා දරුවන් ඉදිරියේ මෙසේ චන්ඩිපාට් දැමූ එකා එලොව යැව්වට පව් නැත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site