මුන්දලම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වහාම ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය වර්ජනයක් ආරම්භ කර ඇත.
මුන්දලම දිසා රෝහල තුළ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍යවරුන් 05 ක් හා හෙදියන් 09 දෙනකු සේවය කරති.
අද (19) පෙරවරුවේ සේවයට වාර්තා කළ වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩලය රාජකාරි කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට විරෝධතාවයකද නිරත වූහ.
ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පරුෂ වචනයෙන් අමතන බවටද රෝහල් සේවකයෝ චෝදනා කරති.
ප්‍රතිකාර සදහා පැමිනෙන තමන්ට ප්‍රධාන වෛද්‍යවරුයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවට පැමිණෙන ලෙස බල කරන බව විරෝධතාවයට එක්වී සිටි ගමවැසියෙකු සදහන් කළේය.
වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
මුන්දලම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.අයි.යාපා මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසු විට ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූන්දලම දොස්තරට එරෙහිව රෝහලම වර්ජනයේ
පතිරණ Friday, 19 June 2015 10:36 AM
අලුකුත්තෙරුකම් නොඉවසන කොන්දක් තියෙන ඔබ සැමගැන ලාංකිකයෙක් වශයෙන් මට ඇතිවෙන්නේ අභිමානයක්. මේවයින් අපිත් පාඩම් ඉගෙන ගත යුතුයි. (අ)
වයිකෝ Friday, 19 June 2015 08:42 AM
වහාම මාරුකර වෙන කෙනෙකු පත් කළ යුතුයි (නදී)