IMG-LOGO

මන්ත්‍රී අමරකීර්ති ඝාතනට සැක අයෙකු පිළිකාවකින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙකි.

රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි .

ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ  ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය



අදහස් (18)

මන්ත්‍රී අමරකීර්ති ඝාතනට සැක අයෙකු පිළිකාවකින් මරුට

සකල ගුරු Wednesday, 08 February 2023 07:05 AM

පිළිකාවක් කියන්නෙ ලංකාව දරිද්‍රතාවයෙන් අගාධයට යාමට සැලසූ දේශපාලුවො වගේ භයානක රෝගයක් .1948 න් පස්සෙ සියල්ලම රජයෙන්ම සපයා ජනතාව නඩත්තු කලයුතුය කියූ සමාජවාදීන් මෙන්ම තමන්ට වඩා ආර්ථික ශක්තියක් තිබුනු අයගේ විනාශය ඇතිකල අයත් කැරැල්ලෙන් බලය අල්ලාගෙන රජවීමට සිතූ සැමත් රටේ සම්පත්වලින් ඉදිකල දේවල් තම තමන්ගෙ අයගේ නම්ගසා කටයුතු කල එවුනුත් රටේ සම්පත් හා පුණ්‍යාධාර බඩගෝස්තරයට යටිමඩි ගැසූ එවුනුත් විවිධාකාරයෙන් ජනතා මුදල් යටිමඩි ගැසූ රජයේ නිළධාරින් කියාගන්නා එවුනුත් ඔක්කොමලා දරුණුම පිළිකා වසංගත තමයි එනිසා දැන්වත් එම පිළිකා තත්වයන් විනාශ නොකොලොත් රට තවත් අගාධයට යාම නවතින්නේ නැහැ

:       1       15

සචින්තWednesday, 08 February 2023 05:21 PM

සිතා බලන්න මේ පිළිකා රටේ දෙකෝටි ගණනක් වුණු ජනතාව රෝගීන් කළා. ලංකාවේ තියෙන පිළිකා සියල්ලම සැත්කමක් මගින් හෝ ඉවත්කරන්න ඕනෑ.

:       0       2

BamunuarachchiSaturday, 11 February 2023 05:40 PM

ෂාහ්... ඔය ටික දොස්තරවරු දැනගෙන හිටියේ නැහැනේ.... මම අදම කියන්නම්...!

:       0       0

Senaka Wednesday, 08 February 2023 09:05 AM

නිර්පාක්ශික අරගලේ ජෙවිපි වූනා, අවිහිංසාව මිනී මරල, ගෙවල් ගිනි තියල ඉවර කරා. මෝඩ සෙට් එක ඉඟුරු දීලා මිරිස් ගත්තා.

:       10       32

Alfread Wednesday, 08 February 2023 09:13 AM

මැරුවේ අහිංසකයෙක් කියල හිත දන්නවනේ. එච්චර ගහද්දිත් පිස්තෝලෙ අරන් වෙඩි නොතියා හිටියනේ. ඒව හිතේ කැකෑරෙන්න ඇති. සොබාදහමේ දඬුවම් වලින් බේරෙන්න බෑ.

:       9       39

Demian Wednesday, 08 February 2023 09:45 AM

අරගල විරුවෙක්. නීතියෙන් නැතත් දෙයියෝ දඬුවම් දීල.

:       9       34

MVH Wednesday, 08 February 2023 10:06 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය

:       6       34

ධනුෂ්ක Wednesday, 08 February 2023 11:10 AM

මිනිස්සු උපතේ සිට හැම මොහොතකම මැරෙනවා. ඒ ඔක්කොම දිට්ඨධම්මවේදනීය කර්මද? ඒ කොල්ලා හිින්තන ඇති මම කොහොමත් මැරෙන්න ඉන්නේ කියලා. ඒ වෙලාවේ මම වුනත් එහෙමයි හිතන්නේ

:       8       1

fairoosWednesday, 08 February 2023 01:37 PM

එතකොට මුළු රටම විනාශ කරපු නන්දසේනට සහ පොහොට්ටුවේ සෙට් එකට කවදාද ඔය කියන දිට්ඨ ධම්ම වේදනීය කර්මය වදින්නේ...!

:       5       7

ජෝන් සිල්වා Wednesday, 08 February 2023 02:27 PM

ඇයි තේරෙන්නෙ නැද්ද අවුරුදු පහකට බලය ලැබුණු මිනිහට අවුරුදු තුනකට පෙර පැනලයන්න සිදුවුණේ ඒ නිසා තමයි ලෝකයේ කොහේටවත් එන්න දුන්නෙ නැහැ දැනට ඒක ඇති

:       1       4

Surathala Wednesday, 08 February 2023 10:39 AM

අනිත් සඟයන්ටත් මෙහෙම වෙයි නේද ආයිබෝන්

:       3       25

sharm warnWednesday, 08 February 2023 11:37 AM

අනිවා. . අවි ගත්තු එකා මුලින්ම ගියා.. ඉතුරු අපතයොත් හැලෙමින් යන්නෙ.. බාගෙන ඉම්මු...

:       0       1

sharm warn Wednesday, 08 February 2023 10:41 AM

කල කම් පල දෙනවා නම් ඒක කාටත් පොදුයි .ජනාධිපති ද ඇමති ද මන්ත්‍රී ද පාරේ යන මිනිහෙක්ද ඔබද මම ද කියලා කිසිම වෙනසක් නෑ .අපිත් බලාගෙන ඉන්නේ ඒ නඩු තීන්දු වැඩ කරන්න පටන් අරන් තියෙන හැටි .නිදහසේ අන්දෝනාවෙන් පිනා ත් එලියට දැම්මේ ඒ වගේ දෙයක් නේ

:       5       9

SUNIL MILANO Wednesday, 08 February 2023 02:42 PM

ස්වභාව ධර්මයාගේ දඬුවම් ඉතාමත් කටුක බව කවුරු කවුරුත් සිහි තබාගත යුතුමයි .ඔහුගේ දඬුවම ළමයින් පිටින් උවද යා හැක

:       1       3

Bamunuarachchi Wednesday, 08 February 2023 03:42 PM

මේකාගේ මිනිය වත් එල්ලා තියමු.

:       1       3

සෙනෙවිරත්න Thursday, 09 February 2023 12:21 AM

මෙතන සේනක කිියලා මහත්මයෙකුට ජවිපෙ භීතකාව. ඔය මැරිච්ච කෙනා ජවිපෙද? මැයි නමය ගිනිතිබ්බෙ ජවිපෙද? එහෙම නම් මේ දැන් රට කරන පාලකයො මෙහෙම හැසිරෙයිද? ජවිපෙ දහවතාවක් වත් තහනම් කරාවි. සාමකාමි අරගලයට අරවගේ මිලේච්ඡ විදියට පහර දුන්නම ලේ කකියන්නෙ නැත්තෙ කඩේ තමුන්නැහැලා වගේ මේ මුග්ද ක්‍රමය ඉදිරියට ගෙනියන්න කැමති අයම පමණයි.

:       2       0

BamunuarachchiThursday, 09 February 2023 12:34 PM

ජෙප්ප්නට සුදුහුණු ගාන්න සුදානම් වෙන්න එපා. ජෙප්පනවා අවුරුදු 57 මිනිසුන්ට එපා උනේ උන්ගේ පැටිගිරිය මිනිස්සු දන්නා නිසයි. ඊයේ පෙරේදා ඉපදුන කොල්ලෝ හිතන්නේ ජෙප්පෝ සන්න්තුවරයෝ කියලා .නැහැ උන් අමු මිනීමරුවෝ. 1971,1989,2022 රටට කරපුදෙවල් සාක්‍ෂී. එහෙව් ජෙප්පනට දැන් මිනිස්සු කමතිවෙන්න හේතුවක් තිබෙනවාද?

:       0       4

Bamunuarachchi Thursday, 09 February 2023 12:37 PM

පිළිකා රෝගියෙක් හාට් ඇටැක් එකකින් වගේ එකපාර මැරෙන්නේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 41 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site