IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්ත්‍රීවරු 18 ක් දිවුරන්න සූදානම්

(අජන්ත කුමාර අගලකඩ)

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත.

ගාමිණී ලොකුගේ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ,කෙහෙළිය රඹුක්වැල්ල,ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි,එස් බී දිසානායක ,සී බී රත්නායක ,රියර් අද්මිරාල් සරත් වීරසේකර ,ඩලස් අලහප්පෙරුම,යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නො වනු ඇතැයි දැනගන්නට ඇත.

තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර,අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව,දිනේෂ් ගුණවර්ධන ,මහාචාර්ය ජී එල් පීරිස් සහ අලි සබ් යන මහත්වරුන්ට අමතරව ,වෛද්‍ය රමේෂ් පතිරණ ,දිලුම් අමුණුගම යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමි වන අතර,ඉතිරි කැබිනට් තනතුරු තරුණ අමාත්‍යවරුන් ගණනාවකට හිමිවීමට නියමිතය.



අදහස් (8)

මන්ත්‍රීවරු 18 ක් දිවුරන්න සූදානම්

Sisira Monday, 18 April 2022 10:01 AM

වැඩක් වෙන්නේ නෑ.. ඔය තේරීම් මහජන මතය නොවේ. කැබිනට් අමාත්‍යවරු පත්කිරීම මහජන මතයට අනුව සිදුවිය යුතුයි. නන්දසේන, කරුණාකර මහජන මතයට ගරු කරන්න.

:       3       32

Sunil Monday, 18 April 2022 10:05 AM

ජ්‍යෙෂ්ඨ හොර හැතිකරෙන් හොරකම සහ මුසාව ප්‍රගුණ කරගත් පිරිසක්... ගහලා එළවන්නයි තියෙන්නේ...

:       0       27

Buddhika Monday, 18 April 2022 10:36 AM

සෙල්ලම් ගෙදර...

:       0       5

K Perera Monday, 18 April 2022 10:40 AM

තවත් විකාර නොකර මහජන මතයට පිළිගන්න පමා නොවී...

:       0       6

Santha Monday, 18 April 2022 10:47 AM

උගන්ඩාවේ විතරක් නෙමේ ඇමරිකාවේ ට්‍රම්ප් ටවර් එකත් මහින්දගේ... ඒ වුණාට අරන් තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමට. ඒ විතරක් නෙමේ මයික්‍රොෙසාෆ්ට් එකත් මහින්දගේ. ඒ වුනාට අරන් තියෙන්නේ බිල්ගයිට්ස් ගේ නමට. ටෙස්ලා එකත් මහින්දගේ... ඒ වුණාට අරන් තියෙන්නේ එලන් මස්ක්ගේ නමට. ඔප්පු කරන්න බෑ. නාමල්ට කියලා ලියුමක් ගත්තා නම් මේ කම්පැණි වල ජොබ්දෙනවා. පඩිත් හොඳයි.

:       6       2

Muthu Kumarana Monday, 18 April 2022 10:50 AM

ඉඩි අමීන් සහ සදාම් හුසේන් ගඩාෆි රට පාලනය කළේත් ඔය විදිහට...

:       0       8

P Ilangaratne Monday, 18 April 2022 10:53 AM

අනේ, කොහොම හරි S.B. ට ඇමැතිකමක් දෙන්න... පව්...!

:       0       4

fairoos Monday, 18 April 2022 12:24 PM

සෙට් එකම කොහොමහරි තවත් අවුරුදු 3ක් ඇදගෙන යන්න තමයි බලන්නේ. රටට මෙච්චර වෙලත් මෙයාලට රජ සැප...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site