පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබන වසරේදී විමධ්‍යගත ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2015 වසර සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල සහ 2016 වසරේ ගෙවිය යුතු රුපියල් ලක්ෂ 100ක මුදල වශයෙන් එම ප්‍රතිපාදන ලබා දෙන බව අමාත්‍යවරයා කීවේය.
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරැම මහතාගේ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීවරයකුට ලක්ෂ 150ක්
ලියොන් ගුණවර්ධන Saturday, 21 November 2015 04:56 PM
මන්ත්‍රීවරුන් කියන්නේ මහජන නියෝජිතයින්. එබැවින් මෙම මහජන මුදල් යොදා තම ඡන්ද කොට්ඨාශ වල පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පොදු ජන අවශ්‍යතා ඉටුකිරීමට වගබලාගත යුතුය (නි)
කිත්සිරි Saturday, 21 November 2015 10:33 PM
හොඳයි හොඳයි (නි)
ශාන්ත Sunday, 22 November 2015 07:29 AM
අපි බලමු ප්‍රතිඵලයක් තිබෙයිද කියලා (නි)
පීරිස් Sunday, 22 November 2015 07:58 AM
ඔය ලක්ෂ 150 කීදෙනෙක්ගේ පුද්ගලික බැංකු ගිණුම් වලට යයිද කියලා බලාගන්න පුළුවන් 2016දී. රටේ ප්‍රශ්න ලබන අවුරුද්දෙදිත් එහෙමම තිබේවි. බලන්න බොරුද කියලා? (නි)
අසාද් Sunday, 22 November 2015 08:27 AM
කාගෙවත් සාක්කු වලට යන්නේ නැතුව මහජන සේවයට යෙදුනා නම් හොඳයි. (නි)
උදයසිරි Sunday, 22 November 2015 10:44 AM
එහෙනම් ඉදිරියට රට වේගයෙන් සංවර්ධනය වෙයි (නි)
ගමගේ Sunday, 22 November 2015 02:50 PM
වෙන වෙන දෙපාර්තමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා තිබෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්නේ මොකටද? මොවුන් වියදම් කරන්නේ ඔවුන්ට ඡන්ද වැඩිකරගන්න ක්‍රමයක් පාදාගැනීමට මිස පළාතේ යහපතකට නම් නොවේ. එබැවින් 50, 60 වලදී වගේ දෙපාර්තමේන්තුවලට මෙම මුදල් දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැක. (නි)