IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් කතානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ඒ  අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  පත්කරන ලෙස  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු  21 දෙනෙක් සිය අත්සනින් යුතු ලිපියක් බාර දෙමින්    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද (9) ඉල්ලීමක් කළහ.

නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙසද   ඔවුහු  එම ලිපියෙන්  ඉල්ලා සිටිති.

මෙම ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන්  වන්නේ ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න,යදාමිණි ගුණවර්ධණ,ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර,මධුර විතානගේ,රාජිකා වික්‍රමසිංහ,ගුණතිලක රාජපක්ෂ,කුමාරසිරි රත්නායක,ජගත් කුමාර,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරාළ,නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය,කේ.ඒ.යූ.කේ ගුණතිලක,නිමල් ලාංසා,එච්.එම්.එම් හාරීස්,සරත් වීරසේකර,මුදිත ද සොයිසා,එස්.බී දිසානායක සහ ප්‍රදීප් උඳුගොඩය.

නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගනුදෙනු පිළිබදව තොරතුරු හෙළිදරව්  කර ඇති   බවත්  එම ලිපියේ සඳහන් වේ.

නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍යය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදුන් ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ නෞකා අනතුරු සම්බන්ධයෙන් එල්ල වී ඇති   මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය ඒ ගැන  විවාදයක් ඉල්ලා සිටින  බවයි.


 



අදහස් (3)

මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් කතානායකට ලිපියක්

මහසෙන් Tuesday, 09 May 2023 03:29 PM

ඔය ඉන්නෙ පංගුව නොලැබුණු කට්ටිය, පට්ට අවුලෙන්. පව් අවංක අසරණයො.

:       0       5

Aravinda Monarawila Tuesday, 09 May 2023 04:16 PM

අපි ආණ්ඩු කරන කාලයේ ඕවා වෙච්චි නිසා දැන් ආණ්ඩු කරන මහත්වරු මේවා ගැන හොයලා බලලා හරි අපිට දඬුවම් කරන එක හොඳයි.

:       0       0

C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:10 AM

කෑ ගහන් නැතුව ඉන්න.ඇ.ඩොලර් මිලියන 250 අපේ අතේ තියනවා . ඔයාලත් අපි අමතක කරන්නේ නැහැ පුතාලා. ඔයගොල්ල ඉතින් අපේම කට්ටියනෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site