
(රෝෂන් තුෂාර)
රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අදb(28) නියෝග කළාය.
රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
සැකකාර විපක්ෂ නායකවරයා පැමිණිලිකරුවන්ගේ දරුවන්ට රැකියා ලබා දෙන බවට පවසා 2019 වසරේ දී ලබා ගන්නා ලද මුදල් 2022 වසරේදී සිදුවූ වරද පිළිගනිමින් ආපසු ගෙවා ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු සැලකිරීම් හා අල්ලස් කොමිසමේ විමර්ශන අවසන් බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දෙන බවට පවසා 2019 වසරේදී පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් 200,000ක් සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගනිමින් අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 26 වැනි දින අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරු එදින මහනුවර මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායකට ඇප
Neel Friday, 28 March 2025 03:42 PM
මේක තමයි තීත්ත ඇත්ත...
dds Friday, 28 March 2025 06:07 PM
රජයේ සේවය පුරවලා තියෙන්නේ ඔය වගේ වංචාකාරයින් තමයි. ඔය ක්‍රමේට රස්සාවලට යන්නෙත් නුසුදුස්සෝ...! රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන එක ඉතින් පුදුමයක්ද?