IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග

ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධීන රූපවාහිනියේ විධායකයකු වන සුදර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළාය. පැමිණිලිකරුවන් වන අනිල් තිලක් බණ්ඩාර හා අශෝක කුමාර ජයතිලක වෙනුවෙන් කැරණු දැක්වූ නීතිඥ ජී.පී. කරුණාරත්න මහතා කියා සිටියේ සැකකරු බලවත් පුද්ගලයකු නිසා පොලිස් හා අධිකරණ නියෝග නොසලකා හැර ඇති බවයි. නීතිය හමුවේ කිසිවකු බලවත් නැතැ යි කී මහේස්ත්‍රාත්වරිය තරාතිරම නොබලා ඔහු අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.



අදහස් (0)

මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග

gajan99 Thursday, 09 February 2012 08:11 PM

රට බේරා දුන්නු අහිංසකයෙක්ව ඇයි අල්ලන්නේ?

:       0       0

සංජීව Thursday, 09 February 2012 11:08 PM

මෙහෙම අය හිටියොත් ලංකාවම ඉවරයි..

:       0       0

එරංග Thursday, 09 February 2012 11:26 PM

රට බේරපු අහංසකයො කූඩුවේ. මේවගේ හොරකම් කරපු අය එලියේ..

:       0       0

නෙල්සන් Friday, 10 February 2012 12:07 AM

හොරුන්ගේ කොහෙද අහිංසක

:       0       0

සාලිය ප්‍රභාත් Friday, 10 February 2012 12:21 AM

මෙහෙම අයව ගස් බදින්න එකුරුත් නැද්ද?

:       0       0

kolla Friday, 10 February 2012 10:00 AM

මේ කීවෙනි සැරේද?

:       0       0

තරංග Friday, 10 February 2012 11:18 AM

නීතියට අනුව දඩුවම් කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site