ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සඳහා සහභාගීවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෑම බීම ඔවුන් නැවතී සිටි හෝටලවලදී ලබාදීම සිදු කැරිණි.
බත් සහ ව්‍යංජන ඔවුන්ගේ කාමරවලටම ලැබී තිබිණි. උදාහරණයක් ලෙස දිවා ආහාරය සඳහා බත් පැකට්ටුව සමග මාළු ඇඹුල්තියල්, පොලොස්, බීට්, පරිප්පු ලබාදී තිබූ අතර ඒ අතරතුරු බුරියානි ද සැපයිණි.
රාත්‍රී ආහාරය සඳහා ද වෙනසක් නොවුණු අතර ඉඳිආප්ප, කුකුල් මස්, පොල් සම්බෝල සහ අල ව්‍යංජනයක් තිබූ බව කියති. තවත් අවස්ථාවක කොත්තු රොටීද ලැබී තිබිණි. එක් මාධ්‍යවේදියකු තමාට ලැබුණු ඉඳි ආප්ප ඇතුළු කෑම ලබාගනිමින් පවසා ඇත්තේ ‘ගෙදර නම් කවදාවත් මේ වගේ නෑ‘ යනුවෙනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාධ්‍යවේදීන්ට ඇමරිකාවේදීත් ඇඹුල්තියල්
චතුරි Monday, 03 October 2016 12:45 PM
හිටපු කට්ටියත් මේ වගේ සුළුවෙන් කෑවනම් ඇමරිකාවට ඇවිත් අද ලංකාවට මේවගේ විනාශයක් වෙන්නේ නැහැ. ඒ කට්ටිය කෑවේ මහා පරිමාණයෙන් කෑවා මදිවට ඇමරිකාවෙන්. ගෙවලුත් අරන් දමලයි. යන්නේ. (බ)
ආරච්චි Tuesday, 04 October 2016 05:03 AM
විදේශයකට ගියාම ඒ රටේ කෑමනේ කන්න ඕනෑ. මොකද ලංකාවේ කෑම නම් අපි හැමදාම කනවනේ. ඇමෙරිකාවට ආවොත් ලෝකේ හුඟක් රටවල කෑම කන්න පුළුවන්. මෙහෙ තියනවනේ ජපන්, චීන,තායි, පිලිපීන, රුසියානු අවන්හල්. ඉන්දියානු අවන්හලුත් තියනවා රසට කෑම තියන තැන්. එච්චර මිලත් නැහැ. බොහෝවිට ඒ කෑම එකක් දෙන්නෙකුට ඇති. (නි)
කින් බෙනට් Sunday, 02 October 2016 04:33 PM
ආප්ප දීලා නැද්ද කන්න? (නි)
යෝනක Sunday, 02 October 2016 05:20 PM
මාධ්‍යවේදීන්ට කවුරුත් සළකනවා, ගෞරව කරනවා (නි)
රත්නායක Saturday, 08 October 2016 04:24 AM
හොඳට තියෙන්න ඇති.(හේ)
ටෙහාන් Monday, 03 October 2016 04:28 PM
අපේ මාධ්‍යවේදීන්ට ජයවේවා! (නි)
ජනහිත Monday, 03 October 2016 04:32 PM
ආප්ප ගැන නම් මතක්කරන්නවත් එපා (නි)
රේණුකා Tuesday, 04 October 2016 10:08 AM
හොදයි ඉතින්.(හේ)
උදය Monday, 03 October 2016 12:44 AM
ඔව් ඔව් එයාලට සැළකුවේ නැත්නම් හරි නැහැනේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා ඔහොම කළා කියලා සමහර අය උඩපැන්නා නේද? (නි)
දිමුත් Monday, 03 October 2016 10:25 AM
රටේ අනිත් මිනිස්සුන්ටත් මාධ්‍යවේදීන්ට වගේ කෑම හම්බ වෙනවා නම්....(හේ)
හේමන්ත Monday, 03 October 2016 10:44 AM
වෙනත් රටකට ගිහින් විවිධ සංස්කෘතික ආහාර රස නොබලා ලංකාවේ හැමදාම කන්න තියෙන දේ කලා එන එක හරිද?(හේ)
කුසුම්සිරි Saturday, 08 October 2016 12:20 PM
අපරාදේ! එහේ ගිහිනුත් අලුත් කෑමක් කන්න ලැබුනේ නැති හැටි? (නි)
තිලක්-ඩුබායි Sunday, 02 October 2016 02:19 PM
යහපාලනයේදී මාධ්‍යවේදියෙක් වෙන්නත් පින් කරන්න ඕනෑ. එ්ත් ඒකාධිපති යුගයේ මාධ්‍යවේදියෙක් වෙනවා කියන්නේ මරණ හතක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ. හැම වෙලේම මරණ බියෙන්, සුදු වෑන් වලට බියෙන්, ග්‍රීස් යක්කුන්ට බියෙන් තමයි ජීවත් වෙන්න සිද්ධවුණේ. (නි)
පෙරේරා Monday, 10 October 2016 09:31 AM
හොඳ කැම වේලක්.(හේ)