මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 76 වැනි වියේ පසු වූවාය.
ඇය 2015 ජනවාරි 27 වැනි දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරට පත් වූවාය. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය කලක් පාර්ලිමේන්තුවද නියෝජනය කළාය.
මහනුවර මහ රෝහලේ සිට ඇගේ දේහය අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවට රැගෙන යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
319
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල සමුගනී
සංජීව Monday, 14 March 2016 04:37 AM
මට මතකයි නාලන්ද එල්ලාවල මහතා ගමන් ගත් වාහනයට වෙඩි තියල එතුමාව ගාතනය කරලා තිබුන හැටි.. හොද දේශපාලකයෙක් (බ)
පිටබැද්දර ජයා Monday, 14 March 2016 09:51 AM
දෙසපලකයන්ට හොඳ කාලයක් නෙවෙයි වගේ මේ ගෙවෙන්නේ , මොනවා උනත් ඔබට අමා මහා නිවන් සුව. (ර)
සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 05:46 AM
අපේ පලාතෙන් බිහිවූ එඩිතර පරපුරක කාන්තාවක්.ඔබට නිවන් සුව අත්වේවා. (බ)
මතුපාල ජයසිංහ Monday, 14 March 2016 10:22 AM
සුරංගනී එල්ලාවල මැතිනියට නිවන් සුව ලැබේවා! (ර)
සුදත් එස්. Monday, 14 March 2016 06:06 AM
නාලන්ද එල්ලාවල ඝාතනය මට මතකයි තවමත්. එය අපිට ලංකා දේශපාලන ඉතිහාසයේ අමිහිරිම සිදුවීමක්. (නි)
සමන් කීරගල Monday, 14 March 2016 06:37 AM
මට සිහි වන්නේ මා රැකියාවට වාර්තා කළ මුල් දිනයේ දී පළමුවෙන්ම ඔබ තුමිය හමුවූවා.... එම අවස්ථාවේදී ඔබ තුමිය මිනිසුන් වෙනුවෙන් රාජකාරිය කරන ආකාරය ගැන මට උපදෙස් දුන්නා....ආදරණීය මෑණියනි ඔබට නිවන් සුව අත්වේවා (බ)
මහින්දපාල Monday, 14 March 2016 06:36 AM
එ තුමියට නිවන් සුව පතමු ! ඩලස් අලහප්පේරුම නම් පලාතකටවත් වද්දාගන්ට එපා අවස්ථාවාදය වැළඳගත් නාලන්ද මැරු හීන්නිලමේ ලා සමග දීග කෑ අයෙක් ඔහු.(බ)
මොහොමඩ් Monday, 14 March 2016 06:47 AM
නන්ද , නාලන්ද වෙනුවෙන් ඔබට නිවන්සුව පතනවා .. සංජීව නාලන්ද ට වෙඩි තිබ්බේ වාහනේ ට නෙමෙයි සුසන්ත එක්ක බැහැල කතාකරනකොට සුසන්ත නාලන්දට ගැහුවා මහින්ද රත්නතිලක වෙඩි තිබ්බා (බ)
සරත් Monday, 14 March 2016 07:05 AM
මහින්ද පාල -තද බල වෛරයකින් ඉන්න බව පේනවා (බ)
නිහාල් Monday, 14 March 2016 06:57 AM
මෙහි සමහරුන්ගේ අදහස් දුටුවාම හරි පුදුමයි.අද ඇසින් දුටු සාක්කි ලෙස එදා නාලන්දව ඝාතනය කරපු හැටි ප්‍රකාශ කරලා තියෙනවා.එදා මේ අයගේ සාක්කි මෙලෙස ඉදිරිපත් කළානම් අපරාධකරුවන් සහ අනුබල දෙන්නන් අද ඉන්නේ සිරගේවල්වලයි. (බ)