
(මොහොමඩ් ආසික් සහ ගාමිණි බණ්ඩාර ඉලන්ගන්තිලක)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.
දැඩි අව් රශ්මිය වනාන්තර මත පතිත වීම නිසා එම වනාන්තරවල ඇති ශාඛ වර්ග අව් රශ්මියෙන් පිලිස්සී කර වී ගොස් ඇති අතර ඕනෑම මොහොතක ගිනි ගැනීමේ අනදානම් තත්වයක පවතී.
මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි ස්වභාවික වනාන්තර රැසක මේ තත්වය දකින්නට ලැබෙයි. මහනුවර මාතලේ දිස්ත්‍රික්ක මායිම් වන නකල්ස් කඳුවැටියේ ඇතැම් ප්‍රදේශ හන්තාන කඳුවැටිය, මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන හෝටන්තැන්න ඇතුළු වනාන්තර මෙලෙස දැඩි අවදානම් තත්වයේ පවතී. හෝටන්තැන්න අධි සංවේදී පරිසර කලාපයේ පරිසර පද්ධතිය දැඩි ලෙස අව් රශ්මියෙන් පිලිස්සී ඇති අයුරුයි මේ.
පසුගිය දිනවල රක්ෂිත වනාන්තර රැසක ගිනි ගැනීම් සිදුව තිබූ බව වාර්ති වී තිබිණ.
මෙම තත්වය හමුවේ ඕනෑම මොහොතක මෙවන් වනාන්තර ගිනි ඇවිලීමේ අවදානමක් පවතින බැවින් මේ නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිසිය, වන සංරක්ෂන, වන ජීවි අංශවල නිලධාරින් මෙන්ම පරිසරවේදීන්ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.

2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි
පච Sunday, 23 February 2025 01:38 PM
තව ටික දවසකින් පොළවත් පැලෙයි කිව්ව බොරු වලට.
දොන් සේතන්, Sunday, 23 February 2025 03:06 PM
මේ ඉඩම් වල ගස් ටිකක් හිටවන්න විදේශ ආධාර ඕනෑද? ආපහු කතා කරලා රට සුද්දටම දෙන එක තමයි කරන්න වෙන්නේ...
Tharindu Sunday, 23 February 2025 04:06 PM
සංචාරකයින් ඇතුල් කරගැනීම වහාම නතරකිරීම තමයි හොඳම දේ කියලයි මගේ නම් අදහස.. මොකද කුමන හෝ අවාසනාවකට කුමන හෝ ගිනිගැනීමකට ලක්වූවහොත් පරිසර හානිය මෙන්ම අපහසු කාල කිහිපයක්ම පසුකර සංචාරක කර්මාන්තයට දැඩි කැලැලක් මෙන්ම අලාභ හානියක් සිදුවනු ඇත.. මන්ද ලැව්ගිනි නිවීම ඉතා අපහසුයි.
Padmini Sunday, 23 February 2025 05:17 PM
දේවෝ වස්සතු කාලේන ගාථාව මතක්වුණා.. අමතරව රුවන්වැලි මහසෑයේ මලුවේ අතීත රජකෙනෙක් සත්‍යක්‍රියා කළා... කියලා අහලා තියෙනවා...