IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි

(නාමිණි විජේදාස)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත.

ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ඉංජිනියරින් සමාගම, අයි.සී.සී සමාගම, කේ.ඩී.ඒ වීරසිංහ සමාගම සහ එන්.ඊ.එම් ඉදිකිරීම් සමාගම යන සමාගම් වලින් සැදුම්ලත් ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි.

චීනයේ එම්.සී.සී සමාගමට පිරිනමා ඇති කොන්ත්‍රාත්තුව මිලෙන් අධික බවත් දේශීය සමාගම්වලට තරඟකාරී මිලකට ඊට වඩා අඩු කාලයකින් ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබෙන බවත් එම සම්මේලනයේ මතය වී ඇත.

මධ්‍යම අධිවේගයේ පළමු කොටස සඳහා කිලෝ මීටරයක් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් චීනයේ එම්.සී.සී සමාගම අයකර ඇති නමුත් දෙවන කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අයකර ඈත්තේ කිලෝ මීටරයකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි වැඩ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්නේ නම් ඊට වඩා අඩු පිරිවැයකින් පළමු අදියර නිම කිරීමට හැකියාව තිබෙන බව එම සමාගම් පෙන්වාදී තිබේ.

චීනයේ එම්.සී.සී සමාගමට මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉතිරිව ඇති වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති මොහොතක ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

චීන එක්සිම් බැංකුව ව්‍යපෘතිය සඳහා ලබාදුන් ණය මුදල මුදා හැරීම අත්හිටුවිමත් සමග ව්‍යපෘතිය අතරමග නැවතුණු අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් කඩා වැටීමටද ලක්විය.

නව රජය අදාළ මුදා හැරීමට පසුගිය 18 වැනිදා තීරණය කළත් එය මහ ජනතාවට ප්‍රසිද්ධ නොකළේය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින කීපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයක් තහවුරු කිරීම පමණක් නව රජය සිදුකර තිබිණි.

 



අදහස් (10)

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි

Kumar Sunday, 12 January 2025 08:42 PM

ලංකාවේ ආයතනයකට කොන්ත්‍රාත්තුව දුන්නොත් සියලුම වැඩ කෙරෙන්නේ ලාංකික සේවකයින් අතින් නේද? විදේශීය සමාගමකට දුන්නොත් එවැනි දෙයක් සිදුවන්නේ නැත. ලාංකිකයින්ට ආර්ථික අතින් යහපත සිදුවන වග කියන්න ඕනෑ නැහැනේ...!

:       21       61

අරුණිSunday, 12 January 2025 11:34 PM

හොර උපාධිකාරයෝ බලයට ගෙනල්ලා වුනු හානිය වගේ නෙමෙයි, අඩු තාක්ශනයන් සහිත ආන්ඩුවේ හොර ඉංජිනේරු සමාහමකට දුන්නොත් ජීවිත හානි කරමින් පලම අතරමග බිම තමයි

:       25       75

aka Sunday, 12 January 2025 09:47 PM

ලංකාවෙ ආණ්ඩුවට මේකට ගෙවන්න සල්ලි තියනවනම් ඔය කියන ආකාරයට අපි තෝර ගන්න අයට කොන්ත්‍රාත් දිය හැකියි. ණය නම් ණය දෙන අයගෙ කොන්දේසි වලට අනුව කල යුතුයි.

:       3       66

Lalla Monday, 13 January 2025 12:35 PM

මහවැලිය කල විදියට මතකද? අධීක්ෂණය සහ විශේෂඥ සේවා ණය සහ ආධාර දුන් බ්‍රිතාන්‍ය සහ ස්වීඩනයේ සමාගම්වල ප්‍රජාව මගින්. ඉන්ජිනේරුවන් තාක්ෂණ ශිල්පීන් සහ සියලු සාමාන්‍ය සේවකයින් මෙරටින්.ඒත් චීන සමාගමකට දුන්න විට කම්කරුවා පටන් චීනයෙන් එනව.ඒක අපරාධයක්.... දැන් දේශීය සම්ගම්වලට ඔවැනි කටයුතුවලට දැනුම තියනව.

:       53       23

යෝගා Monday, 13 January 2025 05:54 AM

2015 යහපාලන කරුමය පල දුන්නේ නැතිනම් මෙලහට අවුරුදු ගනනාවක් ජනතාව මධ්‍යම අධිවේගය පාවිච්චි කරලා. ඊට පස්සේ 2020දි අපත ජෙප්පෝ පණුකරඳ ගහක් බදාගෙන බාධා කලා. දැන් අඩුවට හදන්න ඉල්ලන සමාගම්වලට ඒ කාලේ අවශ්‍ය තාක්ෂණය තිබුනෙත් නෑ. දැන්වත් ඕක හදල ඉවර කරපල්ලා.

:       17       94

Nishan Monday, 13 January 2025 06:38 AM

සමහර කොමන්ට්ස් වලින් පේන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර නූගත්ද කියලා. ඇත්තටම කිව්වොත් ඔවුන්ව නූගතුන් කලේ අද ආණ්ඩු කරන අයම තමයි පහුගිය දශක 5 ඇතුලත. ලංකාවට ආයෝජනය කරන්න ප්‍රාග්ධනය තියෙනවා නම් කිසිදු විදේශ ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ කට්ටිය එදා සිහින ලෝක මැව්වා ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සුද්ද කරලා ප්‍රයෝජනේට ගන්නවා කියලා. අද ඒකට යන පාර සුද්ද කරගන්න අවශ්‍ය සල්ලි නැතුව හිරවෙලා. ඒකටත් ආයෝජකයෙක් හොයන්න වෙලා.

:       5       69

Gavin Monday, 13 January 2025 07:49 AM

"දැන් කාපට් කරන්නෙ රත්තරන් වලින් නොවන නිසා, ඉතා අඩු මිලට පාරවල් හදන්න පුළුවන් බව සියලු වාචාල මුඛරියන්ට දැන් හොඳින් අවබෝධ විය යුතුය."

:       4       48

FreemanHAT Monday, 13 January 2025 08:03 AM

2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව උනේ අධිවේගී මාර්ග වල 1km කට වැයකරන මුදල. මිනිස්සු ගොඩක් තීන්දු තීරණ ගන්න වගේම සොරකම් ගැන කතා කරන්න මේක හේතු උනා. ඒ දවස්වල ගනන් හදල ඉතා අඩු මුදලින් highway හදන හැටි කියපු මිනිස්සු අද ඒ සඳහා වියදම් කරන මුදල ගැන නිවැරදිව රටට කිවයුතුයි.

:       2       85

Senarath Monday, 13 January 2025 02:49 PM

"ලංකාවේ ආයතන වලින් ටෙන්ඩර් ලැබුණාම දැන්ගන්න පුළුවන් හයිවේ හදන්න යන මුදල. කලින් කිව්ව විදිහට නම් එද මුදලෙන් 20%ක් කරලා පුළුවන් වෙන්න ඕන. 2015 යහපාලන රජය ආවේ නැතිනම් ඔය පාර හදලා ඒකෙන් ලැබෙන තෙල් වල ප්‍රතිලාභෙන් පාරේ වියදම් බාගයක් පියවා ගන්න තිබුණා. පැයක ගමනට පැය 5ක් 6ක් ගතවෙනවා. ඒකෙන් වෙන වියදම හිතාගන්න පුළුවන් නේ."

:       0       0

Laal Monday, 13 January 2025 08:01 PM

අලුත් මිස්ටර් ටෙන් පසන්ට් කවුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17390 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site