IMG-LOGO

මධුගෙන් වෙනස්ම ආරේ ගීතයක් 'නුඹයි අප්පච්චි'

2016-09-13-ent-17

නිතරම වෙනස් දෙයක් කරන්නට උත්සාහ කරන තරුණ ගායකයෙකු වන මධු රොක්ස් මේ දිනවල අලුත්ම ආරේ ගී නිර්මාණයක් එළිදක්වා තිබේ. ආදරය විරහව සම්බන්ධව නිර්මාණ වන ගීතවලට ඉල්ලුමක් පවතින වකවානුවක රොක්ස් ඉදිරිපත් කර ඇත්තේ වර්තමානයේ අසන්නට අඩුවෙන් ලැබෙන පිය ගුණ ගීතයකි. මධු මෙම පිය ගුණ නිර්මාණය නම් කොට ඇත්තේ "නුඹයි අප්පච්චි" නමිනි. ඒ පිළිබඳව අදහස් දැක්වීමට "සාරවිට" අපි ඔහු මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු.

2016-09-13-ent-16"අද ගොඩක් ගී නිර්මාණ කරන්නෙ ආදරය හා විරහව පදනම් කරගෙනයි. මමත් රැල්ලත් එක්ක ගී නිර්මාණ කරපු කෙනෙක්. නමුත්, මට ලොකු අවශ්‍යතාවක් තිබුණා මේ රැල්ලෙන් මිදෙන්න. ඒ නිසා තමයි මම "නුඹයි අප්පච්චි" ලෙස පිය ගුණ ගීතයක් එළිදක්වන්න කටයුතු කළේ. මේ ගීතය රචනා කළේ දුෂානි කේ.ජී. සංගීතවත් කළේ දිලුක ප්‍රියදර්ශන. දැනට මෙය ඕඩියෝවක් විදිහට තමයි එළිදක්වලා තියෙන්නේ. ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි. ඒ නිසාම ඉදිරියේදී මේ ගීතය රූප රචනාවක් කරන්නත් මගේ අදහසක් තියෙනවා."

මේ වසරේ පැවැති රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම ගායකයන් අතර නිර්දේශ වන්නටද සමත් වූ මධු රොක්ස් මේ වනවිට ගීත හා රූප රචනා කිහිපයක්ම නිර්මාණය කර ඇත. ඒ අතර "ඔබ ගියා කියා", "හිත පුරා සෙනෙහසින්", "සිංහ තේජස" හා "මගේ ලොව හිරු" ගීත අතිශය ජනප්‍රිය විය. "නුඹයි අප්පච්චි" ගීතයෙන් පසුව ඔහු නවක ගායිකාවක වන නිෂි මන්දාකිණි සමගින් "බොරු ආදරය" නමින් යුග ගීතයක්ද එළිදැක්වීමට නියමිතව ඇත.

"දැනට මම ගායකයෙකුට අමතරව "මධු ඩ්‍රීම්ස්" නමින් ප්‍රඩක්ෂන් ආයතනයක් පවත්වා ගෙන යනවා. මෙම ආයතනය හරහා දැනට බොහෝ ගීත නිර්මාණය වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් අප ආයතනය සමග සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ අපි තුළින් ඒ නිර්මාණ කරන්නට බොහෝ වරප්‍රසාද ලැබෙන නිසයි. වෙනත් ආයතන නම් කලාකරුවාගේ ගීතය නිර්මාණය කළා එතැනින් ඉවරයි නේ. අපේ ආයතනය එහෙම නැහැ. කලාකරුවා අසරණ කරන්නෙ නැහැ. අපි ඔහුව මේ ක්ෂේත්‍රය තුළ යම් තැනකට රැගෙන එන්න ඕන කරන මාර්ගය විවර කරලා දෙනවා."

සිය අලුත්ම ගීතය වූ "නුඹයි අප්පච්චි" ගීතයට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට මධු සිය හෘදයාංගම ස්තුතිය පුද කරනු ලැබු අතර, තමාගේ මේ ගමනට එන්නට අත්වැල සැපයූ සියලු දෙනාටත්, ඔහුට ආදරය කරන රසික, රසිකාවියන්ට සිය අලුත්ම ගීතය ඉතා ඉක්මනින් ලබා දෙන බවටත් පොරොන්දු විය.

 

2016-09-13-ent-18



අදහස් (0)

මධුගෙන් වෙනස්ම ආරේ ගීතයක් 'නුඹයි අප්පච්චි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site