
(සුමතිපාල දීයගහගේ සහ උණවටුන ඩී.ජී සුගතපාල)
ගාල්ලට නිරිත දෙසින් ගැඹුරු මුහුදේදී විදේශීය නෞකාවක හැපීමෙන් අනතුරට පත් නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් මගින් මුදවා ගත් ධීවරයින් සිව්දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව විසින් අද ( 05 )වැනි දා ගාලු වරාය වෙත රැගෙන ආවේය.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයින් සිව්දෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා පැවසීය.
අනතුරට පත් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදන්ව ඇත.
පසුගිය 25 වන දින ධීවරයින් හත් දෙනෙකු රැගෙන ගාලු වරායෙන් පිටත්ව ගොස් ඇති නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්‍රාව ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271ක් ( කිලෝ මීටර් 501 ක් ) ඈතින් ගැඹුරු මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව විදේශීය නෞකාවක හැපීමෙන් එම යාත්‍රාවේ සිටි හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදන්ව ඇත.
(ඡායාරූප : සුමතිපාල දීයගහගේ)

2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදවාගත් ධීවරයින් ගාලු වරායට