IMG-LOGO

මුදල් නෝට්ටු- දුරකථන මුහුණත්වල දින 28 ක් කොරෝනා

 

කොවිඩ් - 19 වයිරසය මුදල් නෝට්ටු, දුරකථන මුහුණත් සහ මළ නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨ මත සජීවීව දින 28ක පමණ කාලයක් පැවතිය හැකි බව නවතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇතැයි පර්යේෂකයෝ පවසති.
 
 
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ කලින් සිතා සිටියාට වඩා දිගු කාලයක් එවැනි පෘෂ්ඨ මත වයිරසයට පැවතිය හැකි බවයි.
 
 
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ වයිරසය අතිශයින් ශක්තිමත් බවයි. රෙදි වැනි සිදුරු සහිත පෘෂ්ඨයන්ට වඩා සිදුරු රහිත සුමට පෘෂ්ඨ වල වයිරසය වැඩි කාලයක් රඳා පවතින බවද පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ සිසිල් උෂ්ණත්වයන්ට වඩා අඩු කාලයක් උණුසුම් උෂ්ණත්ව සහිත පරිසරවල වයිරසය ජීවත්වන බවයි. 
 
 
 
කෙසේවුවද බ්‍රිතාන්‍යයේ  කාඩිෆ් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය රොන් ඒක්ලස් මෙම මතය විවේචනය කර තිබේ. ඔහු පවසන්නේ වයිරසය දින 28ක් පැවතිය හැකි බවට සිදුකරන ලද පැහැදිලි කිරීම මහජනයා තුළ අනවශ්‍ය බියක් ඇති කරන බවයි. මහාචාර්ය රොන් වැඩිදුරටත් පවසන්නේ වයිරසය පෘෂ්ඨයන් මත හෝ ශ්ලේෂ්මල වල පවතින්නේ දින ගණනක් නොව පැය ගණනක් බවයි. 
 
 
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයින් සිදුකරන ලද අත්හදාබැලීම් විද්‍යාගාරයක් තුළ, කාමර උෂ්ණත්වයේ සහ අඳුරේ සිදුකර ඇති බැවින් ස්වාභාවික පරිසරයේ වැඩි උෂ්ණත්වයක් යටත‌ේ වයිරසයට දිගුකලක් පැවතිය න‌ොහැකි බව ද තවත් විද්‍යාඥයින් පිරිසක් ප‌ෙන්වා දෙති.
 
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

මුදල් නෝට්ටු- දුරකථන මුහුණත්වල දින 28 ක් කොරෝනා

Demuni Uduwara Monday, 12 October 2020 04:58 PM

ඉතා වටිනා නිවේදනයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site