IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුදල් ඉල්ලා කතකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට

 

(ගයාන් සූරියආරච්චි)

හිටපු යුද හමුදා නිලධාරියකුගේ බිරියකගෙන් මුදල් ඉල්ලා පහරදුන් බව කියන යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරනු ලබන 37 හැවිරිදි සෙබළකු බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරියගේ සැමියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියයාමෙන් අනතුරුව ඇය සැකකරු සමග මීට මාස කීපයකට ඉහතදී සබදතාවක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු එම කාන්තාවගෙන් නිතරම මුදල් ඉල්ලා අරවුල් ඇති කරගන්නා බවත් මීට පෙරද එම කාන්තාවගෙන් මුදල් ඉල්ලා පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

මුදල් ඉල්ලා කතකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site