(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 16 පසු පැමිණි ඉන්ධන තොගය සෞඛය අංශයේ සේවකයන්ට පමණක් ලබා දීමට කටයුතු කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
දින ගණනාවක් පෝලිම්හි රැදී සිටි කිසිදු පුද්ගලයකුට ඉන්ධන ලබා නොදීමට පිරවුම්හල් සේවකයන් කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති විය.
මැදිරිගිරිය බලප්‍රදේශයේ කිසිදු රාජ්‍ය සේවකයකුටද ඉන්ධන නිකුත් නෙකිරිණි.
මෙම ඉන්ධන පිරවුම්හලට පසුගිය ජූනි මස 30වන දින අවසාන වශයෙන් ඉන්ධන ලැබී අතර අද ඉන්ධන ලීටර 6600 ලැබීමත් සමග සෞඛ්‍ය අංශය විසින් දිස්ත්‍රික් ලේකම්වයාගේ අනුමැතියෙන් මෙම ඉන්ධන තොගයෙන් ලීටර 2000 පමණ ප්‍රමාණයක් මැදිරිගිරිය මූලික රෝහල් කාර්යය මණ්ඩලයටද අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන ලීටර 500 ද ඉතිරි ඉන්ධන 4100 ප්‍රමාණය අත්තනකඩවල, ඇලහැර, බකමූණ ආදී රෝහල් අදහා වෙන් කරන ලෙසට ඒම ලිපියේ සදහන් කර තිබූ බව ඉන්ධ පිරවුම්හල් කළමණාකරු සමන් කුමාර මහතා ලංකාදීපයට කීය.
ඒ් අනුව මැදිරිගිරිය මූලික රෝහලේ කාර්යය මණ්ඩලයේ යතුරුපැදියෙන් සහ ත්‍රීරෝදරථයෙන් සේවයට වාර්ථා කරන සේවකයකු සදහා රුපියල් 2500 ඉන්ධන තොගයක්ද මෝටර් රථයකින් පැමිණෙන අයකු සදහා රුපියල් 7000 වශයෙන් ඉන්ධන නිකුත් කරනු ලැබීය.
පොලිම්හි රැදී සිටි පිරිස කියා සිටියේ රෝහලේ වැඩ කටයුතු සදහා පැමිණීමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම අනිවාර්යය වුවද රෝගියකු රෝහල වෙත රැගෙන ඒ්මට ඉන්ධන නොමැති වුවහොත් ඔහු නිවසේදීම මිය යාමට පවා සිදු වන බවයි.
ඒ් හේතුවෙන් සියළු පුද්ගලයන්ට ඉන්ධන ලබා දීම සිදු කරන ලෙස ඔවුන් බලකර සිටියහ.
අප මේ පිළීබදව විමසීමට පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා සම්න්ධ කර ගැනීමට උත්සහ දැරුවද ඒ් සියළු අවස්ථාවන් අසාර්ථක විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මැදිරිගිරියට දින 16කට පසුව ලැබුණු ඉන්ධන සෞඛ්‍යට පමණයි
SL Saturday, 16 July 2022 08:51 PM
රාජ්‍ය සේවකයින්ගේ තියෙන කුහකකමේ උපරිමය තියෙන්නේ මේ අයට. දැන් සෞඛ්‍ය සේවයේ ඉන්න අයට වාහන වලම එන්න ඕනේද? පොදු ප්‍රවාහනය අකැපද? අඩුම ගානේ බාගේ බාගේ වත් බෙදාගනිල්ලා කාලකන්නි...