දුම්බර මීදුම මැදත්, කළුවර ඇතුළෙත්, රූස්ස වනස්පතියන් තුරැලෙත් සැඟවුණ මනස්කාන්ත සංචාරක දසුන් ලක්ෂ ගණනක් තියෙනවා. ඒවායින් සමහර ඒවා සදාකල්ම ඉමක් නැති තුරැ බලකොටුවේ හැංගෙනවා. නමුත්, සමහර අපූර්ව ස්ථානයන් දකින්නට ඔබට මට වරම් ලැබෙනවා. මේ එහෙම තැනක්. මේ තමයි සේර ඇල්ල. නකල්ස් දුම්බරේ කඩාහැලෙන දියඇලි ගණනාවක් මැද අපූරැම ඇල්ල.
නකල්ස් දහන, මීමුරේ ඉඳුලා රිවර්ස්ටන් ඉමටත් එහාට විහිදෙනවා. ඒ ඇතුෙළ් අසිරි මවන දියඇලි අතර ලස්සනම ඇල්ල සේර ඇල්ල කිව්වට වැරදි නැහැ. මාතලේ ඉඳලා රත්තොට හරහා රිවර්ස්ටන් යද්දී රිවර්ස්ටන් කඳු මුදුන පසුකරලා, පිටවල පතනත් පහුකරලා ඉදිරියට ගියාම ඔබට සේර ඇල්ලට යන හන්දිය මුණගැහෙනවා. එතැනින් වම් පැත්තට තියෙන පාර දිවෙන්නේ පොත්තටවෙල ගමට. ඒ ගමේ තමයි ඇල්ල තියෙන්නේ.
මේ ඇල්ල ඇතුළේ, ඇල්ලට පිටුපසින් ගල් ගුහාවක් තිබෙනවා. ඒ ගුහාවේ එක පැත්තක් කළු ගලින් සැදිලා තිබෙන අතර අනෙක් පැත්ත කඩා හැලෙන දිය තලයෙන් ආවරණය වෙනවා. ඒත් පිහිනන්න නොදන්න ඔබ වතුරට නොබැස සිටීම යහපත්.
ප්‍රධාන මාර්ගයේ ඉඳලා කිලෝමීටර බාගයක් විතර හෙලට බැස්සට පස්සේ තමයි ඇල්ල පාමුලට යන්න පුළුවන්. සේර ඇල්ල අසල දියනෑම භායානක බවක් නම් අපිට අහන්න ලැබුණේ නෑ.
අඩි 70කට ආසන්න පළලකින් යුතු සේර ඇල්ල, අඩි 30ක් විතර උසයි. ඔබ ජුරාසික්පාක් සිනමා පටය නරඹලා තිබෙනවා නම් එහි දැක්වෙන අපූරැ දිය ඇල්ල මේ කියන සේර ඇල්ල පාමුලදීත් සිහිවෙනවාට සැක නෑ.
ප්‍රසාද්
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මීදුම් මැද්‍දෙන් සේර සුකුමලී