IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි නුවර සංචාරයක නියැලුණි. ඒ, නගර වැසියන් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසමින්, නගරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ආරම්භ කරමිණි.

ආරක්ෂක නිලධාරීන් පිරිවරාගත් මෝදිගේ රථ පෙළ, වර්ණාසි නගරයේ වීදි සංචාරය කරමින් සිටියදී, රෝගියකු රැගෙන ලහි ලහියේ රෝහලට යන ගිලන් රථයක්, එම රථ පෙළ ගමන් කරන්න වූ විදියට පැමිණ ඇත.

ගිලන් රථයේ සයිරන් හඬ ඇසුණු සැණින්, තම රථ පෙළ මාර්ගය අයිනට ගෙන, ගිලන් රථයට, ඒවා පසු කර යෑමට වහා ඉඩ දෙන්නැයි මෝදි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවකි. වරණාසි මෝදිගේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයයි. ඉන්දීය රුපියල් කෝටි 19,000 ක වියදමින් වරණාසි නගරයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා

ravin Monday, 18 December 2023 10:28 AM

අන්න මිනිස් ජීවිත අගයකරන නායකයෝ .අපේ රටෙත් එහෙමලු

:       5       18

සරත් කුමාර Monday, 18 December 2023 12:49 PM

ලංකාවේ දැන් දේශපාලකයින්ගේ රිය පෙරහැර කථාව ටිකක් වෙනස්. තාම මිනිස්සු ගල් පාරක්වත් දෙයි කියලා බය තියෙනවා කට්ටියට. දැන් කරන්නේ ට්‍රැෆික් පොලිස් දාලා හෙමීට වාහන ටික දාගන්නවා. තව ටික කාලෙකින් කට්ටිය සුපුරුදු තැටිය දානවා. මොකද මිනිස්සුත් ආයෙම පරණ ගොංකම එලෙසම තිතට කරනවානේ....

:       2       15

ගජමිතුරු Monday, 18 December 2023 01:11 PM

වත්මන් ජනාධිපති විපක්ෂයේ නායක කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන අවස්ථාවක හිටපු මහ ඇමති ප්‍රේමලාල් ප්‍රදේශයේ සියලු රෝහල් වල ගිලන් රථ රනිල්ගෙ ගමනට බාධා කරන්න යෙදුවා කියලා ඒ කාලයේ ආරංචියක් ලැබුනා අන්තිමේ එහෙම කරපු කෙනාගෙ පුතා රනිල් අගමැති යටතේ ඇමති තනතුරු දැරුවා.

:       2       16

Perera Tuesday, 19 December 2023 02:22 AM

ලංකාවේ ඕනෑම දේශපාලුවකුගේ රථ පෙළකට ගිලන් රථයත් ඉඩ දෙන්න ඕනේ

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 19 December 2023 06:06 AM

අපේ අය නම් ඔහොම කරයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 338 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1283 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site