(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව නාකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සාදයක් පැවැත් වූ අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන "චොරා" සමග කාන්තාවන් සිව් දෙනකු ඇතුලු පුද්ගලයන් දස දෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමගින් අද (03) දින සවස සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
නිවසක් තුළ අධික ශබ්ද නගා ගීත වාදනය කරමින් මත් සාදයක් පැවැත්වෙන බවට නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතා ට ලද තොරතුරක් මත ඒ මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අදාල නිවස වටලා ඇත.
පොලිසිය අදාල නිවසට ළඟා වනවාත් සමග එතෙක් වාදනය කරමින් තිබූ ගීත නවතා දමා නිවස තුල සිටි පිරිස සැගවුණු බවත් පසුව පොලිසිය කිහිපවරක් දැනුම්දීම් සිදුකර නිවසේ දොරගුළු විවෘත කර සිදු කල පරීක්ෂාවේදී අධික ලෙස මත්ව නිවසේ තැනින් තැන සැගව වැතිරී සිටි පිරිස සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් පිරිස සෝදිසියට ලක් කිරීමේදී හැද සිටි ඇදුම් තුළ සගවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත් සාදයක් පැවැත් වූ චෝරා මාට්ටු