
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම් ගැනීම් හා පහරදීම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙම සැකකරු සොයමින් සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.
ඩුබායි රාජ්‍යයේ සිට හඳයා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම බෙදුම් කරු ලෙස අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා සේවය ලබාදී ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු
Indhika Wednesday, 25 December 2024 09:32 AM
ලොක්කෝ දෙන්නෙක් එළියට දාලා, ඔවුන් දෙන්නා රටිනුත් පැනලාලු. මෙහෙ කබ්බෙක් අල්ලන්. රුපියල් දසදහසක් කියන්නේ, මෙයා විකුණන්න ඇත්තේ බුලත්විට...
sam Thursday, 26 December 2024 08:38 AM
මෙයාටත් ඇප දෙමු.. එතකොට මූත් ඩුබායි පැන්නේ වැඩේ ඉවරයි...
Bunny Preena Thursday, 26 December 2024 09:10 AM
ඔයගොල්ලොත් ගෝලයින්ව අල්ල අල්ලා ඉන්නවා. වෙන ආණ්ඩුවක් ඇවිදින් ප්‍රධාන ජාවාරම්කරු අල්ලා ගන්නකන්.