IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


මත් කුඩු ගෙනාවට තුනක් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ 179කට අධික ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ධීවරයන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රේමලාල් මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කල වැටලීමකදී මීට වසර 07කට පෙර අත්අඩංගුවට ගත් ධීවර වෙස්ගත් කුඩු ජාවාරම්කරුවන් තිදෙනකුට මෙලෙස මරණ දඬුවම් නියම කෙරිණී.

2018 දෙසැම්බර් 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බේරුවල ධීවරවරායේ සිට මුහුදු සැතපුම් 07ක් දුරින් ගැඹුරු මුහුදුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 180 කට අධික ප්‍රමාණයක් ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

මෙම් සම්බන්ධයෙන් පැවැත්වු නඩු විභාගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රේමලාල් මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කළ වැටලීමකදී මෙම විත්තිකරුවන් තිදෙනා ඇතුළු ධීවර යාත්‍රාවේ ගමන් කරමින් සිටි විත්තිකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන තිබු බව අනාවරණය විය.

 



අදහස් (2)

මත් කුඩු ගෙනාවට තුනක් පෝරකයට

පැරකුම් Saturday, 17 May 2025 05:49 AM

ඉතා සුබ ආරංචියක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ සුළු වරදට පවා දැඩි දඬුවම් දීමෙන් මේ උවදුර පාලනය කළහැකි වනු ඇත.

:       0       6

Chamara Sunday, 18 May 2025 12:51 AM

ඕනෑම අයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩන්ගුවට පත් වුනොත් ඔහුගෙන් එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපල වටිනාකමට සමාන දඩයක් අය කළ යුතුයි. එය ගෙවිමට නොහැකි නම් දේපල රාජසන්තක කර විකුණා එම දඩය අය කරගත යුතුයි. මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලය උදාසීන කළ හැක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site