(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ උපදෙස් මත හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා සිට මෙම මෙහෙයුම් අරඹා ඇත.
සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා අපරාධ වලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වශයෙන් එය අරඹා තිබෙන බව අමාත්‍යාංශය කියයි.
ජුලි මස 20 දිනය පුරාද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා දිවයින පුරා පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෝ 5300ක් සහභාගී වූහ.
එහිදී පුද්ගලයන් 21132 දෙනකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 7922ක් හා යතුරු පැදි 6545ක් පරීක්ෂාවට ලක් කෙරිණු බව අමාත්‍යංශය කියයි.
මෙම මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී මත්පැන් ඇතළු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1241ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සමස්ථයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254679ක් හෙරොයින් මිලිග්‍රෑම් 112567ක්, ගංජා මිලිග්‍රෑම් 3738356ක් අත්අඩංගුවට ගෙන ඇත.
20 වැනිදා සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 5ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ රටක නිශ්පාදිත ගිනි අවියක්ද ඒ අතර වන බව අමාත්‍යංශය කියයි.
අපරාධවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකුද සහ විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 321 දෙනෙකුද මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍යංශය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්ද්‍රව්‍ය වැරදිවලට 1241ක් දැලේ