IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය ජාවාරමක හමුදා භටයෙක් අල්ලයි

(රවින්ද්‍ර ලියනගේ)

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්දයෙන් සැකපිට ගුවන් හමුදා භටයකු වැල්ලව තණමල්ගම ප්‍රදේශයේදි  අද (20) දා සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය  කියයි.

හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රැම් 500 යි මිලි ග්‍රෑම් 11 ක් සමග පසුගිය 17 දා වෙන්නප්පුවේදි අත්අඩංගුවට ගත් 35 හැවිරිදි කාන්තාවකගෙන් අනාවරණය කරගත් තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලබා ගෙන සැකකරුගේ නිවසට ගෙනවිත් නාගොල්ලාගම දිගන්කෝන්වැව  පදිංචි සැකකාරියගේ නිවසට ගෙනවිත් බාර දි ඇති බව පොලිසිය කියයි.

සැකකාර ගුවන් හමුදා සෙබලා විසින්  සැකකාර කාන්තාවට ලබා දෙන මත්ද්‍රව්‍ය මිගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට ගෙන ගොස් බාරදිමට කටයුතු කර ඇති බවට අනාවරණය වි ඇත.

ඒ අනුව එම පුද්ගලයාද අත් අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශණය සිදු කරමින් සිටි.

පාලවිය ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන ගුවන් භට සෙබලා  හිරියාල අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකි.

සැකකාර ගුවන් බට සෙබලා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරමක හමුදා භටයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site