IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන්  විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මුජිබර් රහුමාන් මහතා  මෙසේද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු  හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ  ජන මාධ්‍ය වල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.

ඒ වගේම ගරු කතානායකතුමනි,  විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා  කියන පැමිණිල්ල වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි  රාශියක් ලැබිලා තියෙනවා.මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර අඩන්තේට්ටම්  සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න

කතානායක ජගත් වික්‍රමරත්න මහතා

මේ සම්බන්ධයෙන් තවමත් අපිට කවුරුත් දැනුම් දීමක් කරල නෑ. අපි ඒ ගැන පරීක්ෂණයක් කරන්නම්.

මුජිබර් රහුමාන් මහතා;

මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙලා තියෙනවා.



අදහස් (3)

මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්

රංගනාත් Tuesday, 07 January 2025 04:23 PM

මීට කලිනුත් පාර්ලිමේන්තුවේ ඔහොම කේස් වාර්තා වුණා නේද? විපක්ෂෙටත් එල්ලෙන්න කොහේ හරි පිදුරු ගහක් තිබ්බත් ඇති වගේ.

:       0       0

Nilmini Tuesday, 07 January 2025 05:30 PM

මේ කරනවා ඇත්තේ පාර්ලිමේන්තුව එහි සේවය කරන අයගේ පුද්ගලික බූදලයක් කර ගැනීමට කරන උප්පරවැට්ටියක්ද කියලා හිතෙනවා. මොකද එහෙම දෙයක් කලාම පාර්ලිමේන්තුවේ පාරම්පරික උරුමක්කාර පොල්මක්කාරයින්ට තමන්ගෙ දරු මුනුබුරන්ට නෑයින්ට රැකියා දෙන්න බැරිවෙනවා. මෑතකදී නිළධාරි ගැනීමට විරෝධයක් ඇතිවුනානේද. කොටින්ම කිව්වොත් ඔය කරන්නේ පාර්ලිමේන්තුවේ රැකියා ඉල්ලීම් වලට අනියමින් බියගැන්වීම්ද කියලා හිතෙනවා

:       0       0

sam Wednesday, 08 January 2025 03:14 AM

බලන්න ඒ හිරිහැර කරන එවුන් පොහොට්ටුවේද කියලා. දන්නවනේ, පොහොට්ටු ලොක්කා ඕවාට අති දක්ෂයා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site