(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පසුගිය මස 26 වැනිදා වාර අවසාන කරනු ලැබීය.
ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසු දින දක්වා කල් තැබෙනු ඇත..
ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දින දෙකක විවාදයක් අනිද්දා(8) සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් එම පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනයේ ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින්
Aravinda Monarawila Tuesday, 06 February 2024 02:41 PM
පිනා ආපු දවසේ ඉඳලාම කෙරුවේ ඔය දේවල් කල්තියන එකයි... විවෘත කරන එකයි විතරයි.
Rata Perata Tuesday, 06 February 2024 03:25 PM
කවුරුවත් යන්න එපා... ඔය බොරු සංදර්ශන වලට...