IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැතිසබයේ ලොකු කමිටු කිහිපයක මුල් පුටු ගැලවේ

 

 

(සුජිත් හේවාජුලිගේ )

වාර අවසාන කිරීම සමග අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු ඉදිරියේදී  වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු කමිටු කිහිපයකම ප්‍රධානීහු   නව ජනාධිපතිවරයා පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට   එරෙහි ස්ථාවරයක් ගෙන  කටයුතු කර තිබුණාහ.

පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග කෝප් ,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී  ගියේය.

අහෝසිවූ කාරක  සභා  නැවත කඩිනමින් පත්කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මේ අනුව  එහි පළමු පියවර ලෙස තේරීම් කාරක සභාව ( Committee of Selection) ලබන 9 වැනිදා පත් කර ගැනීමටද එහිදී  තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා පත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවල මුල් පුටු වල කටයුතු කළ බොහෝ දෙනෙකු පසුගිය කාලයේදී සිය වගකීම නිසියාකාරව   කළ බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.



අදහස් (1)

මැතිසබයේ ලොකු කමිටු කිහිපයක මුල් පුටු ගැලවේ

AB Saturday, 06 August 2022 08:15 PM

පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු සදහා පාර්ලිමේන්තු මන්රිවරුන් නොවන පාර්ලිමේන්තුවට පිටතින් රජය සේවයේ ( අධිකරණයේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ ) සිටි දුෂිත නොවූ අවංක නිලධාරීන් පත්කළ නොහැකිද ? එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පවා ප්‍රශ්න කිරීමේ හැකියාවක් පවතී. වර්තමනයේ පවතින ක්‍රියාවලියෙන් කිසිදු ප්‍රතිපලයක් හෝ විනිවිද බවක් හෝ අවංකවම මෙම කමිටු ක්‍රියා කරන්නේද කියා ජනතවට සැකයක් තිබේ. එම නිසා cope සහ copa කමිටුවල විනිවිද බවක් ඇතිකිරීමට සහ ජනතවට විස්වාසයක් ඇතිවන විසදුමක් ක්‍රියාත්මක කලයුතුවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site