IMG-LOGO

මැතිසබයේ දුරකතනයටත් වැට

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චියද රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් පසුගිය සතියේදී උපදෙස්දී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනවලින් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම නොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දුන් බව එහි අංශ ප්‍රධානියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ විදුලිය සහ ලිපි ද්‍රව්‍ය පරිහරණයද සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා එහි අංශ ප්‍රධානින්ට මෙයට පෙර උපදෙස්දී තිබිණ.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස මහ ලේකම්වරයා ආපනශාලා අංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තුවේ දෛනිකව පිළියෙල කෙරෙන ආහාර වර්ග ප්‍රමාණද ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කරනු ලැබ ඇතැයි ආපනශාලා අංශය නිලධාරීහු පැවසූහ.

 



අදහස් (3)

මැතිසබයේ දුරකතනයටත් වැට

Lasantha Sunday, 01 May 2022 11:40 PM

බොරු වැඩ. ඕවායින් මහ ලොකු ගාණක් ඉතුරු කරන්න බැහැ. වඩා වැදගත් මහා පරිමාණ දූෂණ, වංචා වැළැක්වීම සහ එවැනි මුදල් යලි රටට ලබාගැනීම...

:       0       0

gamunu Sunday, 01 May 2022 11:43 PM

මේ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනවලින් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම නොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දුන්නද ඔවුන් එය එසේ කරාවිද? පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම කරන්නා වූ සියලු දෙනා සොයා බැලීම ඉතාම පහසු වේ. දුරකථන බිල ලැබුණු පසු කුමන දෙපාර්තමේන්තුවකට අයත් දුරකථනයෙන් අවුට්ගොයින් කෝල් කර තිබේද? කොපමණ මිනිත්තු කතාකර තිබේද කියා සොයාබලා එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට එම ගෙවීම කිරීමට සැලැස්විය යුතුවේ. දියුණු ලෝකයේ තිබෙන්නා වූ තාක්ෂණය අනුව ඕනෑම දෙයක් කළ හැකිවේ. දෙවනුව පාර්ලිමේන්තුවේ ආපනශාලාව විවෘත කළ යුතුවන්නේ දහවල් ආහාරය සඳහා පමණි.. ඒ සඳහා 11: 30am to 1:30pm දක්වා විවෘතකර තැබීම ප්‍රමාණවත් වේ. දෙවනුව තේ හෝ කෝපි සඳහා උණුවතුර මැෂින් ආපනශාලාව තුළට ලබාදී, එවිට ඕනෑම කෙනෙකුට අවශ්‍ය තේ හෝ කෝපි ලබාගැනීමට පහසුකම් ලබාදිය යුතුවේ. නොමිලයේ කිසිඳු ආහාරපාන ලබාදීම නවත්වා ඒ සියල්ල සහන මිලකට ලබාදීම කළයුතු වේ. නොමිලයේ ලබාදීම නාස්තිවීමට මූලිකම හේතුව වේ.

:       0       1

ජයසිංහ බණ්ඩා Monday, 02 May 2022 06:35 AM

රජයේ සේවකයින්ට උපහාර දුරකථන ක්‍රමයක් හඳුන්වා දුන්නේ පුද්ගලික ඇමතුම් ගැනීමට කියලා අමතක වෙලා වගේ. ඒවා තියාගෙන රජයේ දුරකථන පාවිච්චියට ගන්නවා නම් උපහාර ක්‍රමය වහාම නවතන්න දුරකථන පමණක් නොවෙයිනේ පාර්ලිමේන්තුවේ සේවකයින් සඳහා ආහාර ලබාදීම හා තවත් පහසුකම් රාශියක් තියෙනවා. අනෙක් රාජ්‍ය සේවකයින් සඳහා තිබෙන පහසුකම් පමණක් පාර්ලිමේන්තුවේ අයටත් දුන්නාම හොඳටම ඇති. ඒ වගේම පලා බබාලාගේ එහෙම පහසුකම් ගැනීමද වහාම නවතන්න. ඉක්මණින් බැරි නම් පළාත් සභා අහෝසි කරන්න. පළාත් සභා කියන්නේ නාස්තියේ උල්පතකි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site