IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිසබය කැඳවනු

(සුජිත් හේවාජුලිගේ ෂහ අංජුල මහික වීරරත්න)

මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම  කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින්  අගමැතිවරයාගෙන් සහ  කතානායකවරයාගෙන්  ඊයේ (15) ඉල්ලීමක් කළහ.

ඩලස් අලහප්පෙරුම,අනුර ප්‍රියදර්ශන යාපා,විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ,අතුරලියේ රතන හිමි,ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල, නාලක ගොඩහේවා ප්‍රියංකර ජයරත්න , මහාචාර්ය චරිත හේරත් සහ  ජයන්ත සමරවීර යන මහත්වරු මෙම ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරු වෙති.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයට  අදාල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වීමට නියමිත දිනයේ බවත් තැපැල් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතව ඇති පරිසරයක මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කළ යුතු හෙයින් පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි මෙසේ ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වෙයි.

මෙම අත්සන් සහිත ලිපිය අගමැතිවරයාට සහ කතානායකවරයාට යොමු කරනු ලැබ ඇත්තේ නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා රැස්වීමට නියමිත හෙයින් පාර්ලිමේන්තුව  අද හෙට  රැස්වීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන්  මැතිසබයේදී ලබන සතියේ  දැඩි විරෝධයක් මතු කිරීමට ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත.



අදහස් (1)

මැතිසබය කැඳවනු

Samitha Senaka Aluthgamage. Thursday, 16 February 2023 04:50 PM

දූෂිත පවුල් පාලනය රටේ රජකරවන්නට උදව් දුන් මේ කණ්ඩායමේ බොහෝ අය දැන් මොකද මේ ජනතාවාදී වෙලා. ආයෙත් පෙරකී කට්ටිය බලයට ආවොත් කිසිඳු හිරිකිතයක් නැතිව ඒ පැත්තට හෝයියා... මේවා රටේ ජනතාව හොඳින් දන්නවා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site